නිවසෙන් එලියට ගිය වැසියෙකුට වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට…

June 26, 2019 at 2:04 am | lanka C news
නිවසෙන් එලියට ගිය වැසියෙකුට වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට…

වවුනියාව, නන්දිමිත්‍රගම ප්‍රදේ‍ශයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු ජිවිත්ෂයට පත්ව ඇති බව වවුනියාව බෝගස්වැව පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ බෝගස්වැව 02 කොටස පදිංචි ‍57 හැවිරිදි දොන් ලයනල් ආරියවංශ නමැති පුද්ගලයෙකු එලෙස වන අලියෙකු පහරදීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අදාළ පුද්ගලයා බෝගස්වැව සිට වවුනියාව දක්වා පැමිණීමට යතුරුපැදියෙන් පැමිණ ඇති අතර, එහිදි වවුනියාව මහච්චකොඩිය ඒරූපතාන වැව ආසන්නයේදී වන අලියා අදාළ පුද්ගලයාට පහරදී ඇති බවයි.

එහිදී වන අලියා අදාල පුද්ගලයා පාගා ඇති බවටත් යතුරු පැදිය වැටී තිබූ ස්ථානයේ සිට මීටර් 300 ක් පමණ දුරින් එම පුද්ගලයා ඉතා අසාද්‍ය තත්වයේ සිට ඇති අවස්ථාවේදී වවුනියාව වෙළඳ‍පොළට එළවළු රැගෙන පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා දැක වවුනියාව මාමඩුව රෝහලට ඇතුළත් කොට තිබිණ.

තුවාලකරු අනතුරුව වවුනියාව මහරෝහලට ඇතුළත් කොට ඇති අතර පැය දෙකකට පමණ පසුව එම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31 views
Main News