නිවසේ සිටි කොරෝනා ආසාදිතයෙකු ගෙන යාමට පැමිණි සුවසැරියට බැන වැදී පලායයි…

July 14, 2021 at 2:06 am | lanka C news
නිවසේ සිටි කොරෝනා ආසාදිතයෙකු ගෙන යාමට පැමිණි සුවසැරියට බැන වැදී පලායයි…

අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ කොරෝනා අසාදිතව නිවසේ සිටි පුද්ගලයෙකුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යාමට පැමිණි 1990 සුවසැරිය ගිලන්රථ රියදුරෙකු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුට එම රෝගියාගේ පාර්ශවයෙ පුද්ගලයෙකු බැන වැදී ඇතැයි කියන සිද්ධියක් වාර්තා වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොරෝනා පැතිරයාම වැළැක්වීම ඒකකයේ නිලධාරියෙකු 13 පස්වරුවේ සඳහන් කළහ .

කෙසේ වෙතත් එම කාර්ය මණ්ඩලය එම ආසාධිත රෝගියා එම ගිලන් රථයෙන් රැගෙන ගොස් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර සෞඛ්‍ය කාර්යයෙ වගකීම් ඉටු කර ඇති බවත් වාර්තා වේ .

මෙලෙස එම ගිලන් රථ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන්ට බැන වැදී ඇත්තේ අවට පුද්ගලයන්ද බලා සිටියදී ය.

මෙලෙස බැණවැදී පළා ගොස් සිටින සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකර කිරිමට කටයුතු කරන බව එම පොලිස් නිලධාරියා කීහ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

15,548 views

One Comment to “නිවසේ සිටි කොරෝනා ආසාදිතයෙකු ගෙන යාමට පැමිණි සුවසැරියට බැන වැදී පලායයි…”

  1. කුඹුක්කණ් says:

    කොරෝනා හැදුනම මහලොකු සෞක‍ය කාර්ය භාරය

    ලෙඩාව කෙහෙට හරි ගාල් කරලා තැබීම
    මැරෙන්න ගියොත් ICU දැමීම
    මලොත් වැලලීම

    ඌට ගෙදර ඉන්න දීපං, ඇලොපතියො ප්‍රතිකාර නොදෙන එකේ සත්කාරය වත් කරන්න දීපං

Main News