‘නිව්යෝර්ක් ටයිම්ස්’ චෝදනා ගැන පරීක්‍ෂණ..

October 3, 2018 at 8:02 am | lanka C news
‘නිව්යෝර්ක් ටයිම්ස්’ චෝදනා ගැන පරීක්‍ෂණ..

ප‍්‍රකාශයක් සටහන් කර ගැනිම සදහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර ඔක්තෝබර් 3 වැනි බදාදා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත අද කැදවා තිබේ.

2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කලේ යයි ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත් පත විසින් කල අනාවරණය ගැන වහා පරික්ෂණයක් ඉල්ලා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කල පැමිණිල්ල සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පවරා ඇත.

ඒ අනුව ඔවුන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අද කැදවා තිබේ.

– චතුරංග ද අල්විස්

89 views
Main News