නිවාඩුවට ගෙදර ගිය පොලිස් නිලධාරියා ඇතුලු දෙදෙනෙකු අනතුරකින් මියයයි..

June 4, 2020 at 2:09 am | lanka C news
නිවාඩුවට ගෙදර ගිය පොලිස් නිලධාරියා ඇතුලු දෙදෙනෙකු අනතුරකින් මියයයි..

ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු දෙදෙනෙකු මිය ගොස් ඇති බවටකනගරායන්කුලම් පොලීසිය පවසයි.

මඩකලපු පොලීසියට අනියුක්තව සේවය කොට ඇති අදාල පොලිස් නිලධාරියා තවත් මිතුරෙකු සමග නිවාඩුවක් ලබා මඩකලපුව සිට වව්නියාව හරහා යාපනයේ පිහිටි නිවෙස වෙතට ගමන්කරන අතරතුරදී කනගරායන්කුලම් ප්‍රදේශයේ ඒ-9 මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක යතුරුපැදිය ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

යතුරුපැදියේ ඇතිවූ කිසියම් කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට කනගරායන්කුලම් පොලීසිය සැක පල කරන අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා හා මිතුරා රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගිය බවට පොලීසිය පවසයි.

අනතුරින් පසුව ලොරි රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර හේතුවෙන් මිය ගොස් ඇත්තේ යාපනය අරසඩි මාර්ගයේ නල්ලූර් ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල් ජෙයමූර්ති ජිසිකාන්තන් හා කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේ පදිංචි නිසාන් ජනුස්තන් නැමති අය මිය ගොස් ඇති බවට පරික්ෂණ සිදු කරන කනගරායන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

97 views
Main News