නිවාඩුව ගත කරන්න මැති ඇමතිවරුන් රැසක් රටින් පිට වේ.. තවත් පිරිසක් නුවර එලියේ..

December 16, 2021 at 12:02 am | lanka C news
නිවාඩුව ගත කරන්න මැති ඇමතිවරුන් රැසක් රටින් පිට වේ.. තවත් පිරිසක් නුවර එලියේ..

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 60 කට ආසන්න පිරිසක් වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීම සඳහා විදෙස්ගත වීමට කටයුතු සූදානම් කරමින් සිටී.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ පිරිස් ද මෙම මෙම කණ්ඩායමේ සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටී.

ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දූ දරුවන් ඥාතීන් දැක බලා ගැනීමට මෙම නිවාඩු කාලයේදී ඔවුන් විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියි.

මේ අතර තවත් මැති ඇමතිවරුන් පිරිසක් නුවරඑළියේ සංචාරක බංගලා වෙන්කර ගෙන ඇත්තේ වර්ෂ අවසාන නිවාඩු එහි ගත කිරීම සඳහාය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ජනවාරි 18 දක්වා දීර්ඝ නිවාඩුවක් මැතිඇමතිවරුන්ට ලැබී තිබේ.

28,914 views

17 Comments to “නිවාඩුව ගත කරන්න මැති ඇමතිවරුන් රැසක් රටින් පිට වේ.. තවත් පිරිසක් නුවර එලියේ..”

  1. Osmand says:

    මේ නූගත් මෝඩ හැත්තගේ එක බලාපොරොත්තුවක් තමයි රට රටවල සංචාරය. නිවාඩු ගන්න තරම් මුං රටට කල සේවය කුමක්ද? මැතිසබයේ එකාට එකා තමන්ගේ වාසිය තකා බැන ගත්තා පමණයි. මුංව පත්කරන්නේ ජනතාවයි.

  2. On The Spot says:

    නිවාඩුව ගත කරන්න මැති ඇමතිවරුන් රැසක් රටින් පිට වේ..
    ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දූ දරුවන් ඥාතීන් දැක බලා ගැනීමට මෙම නිවාඩු කාලයේදී ඔවුන් විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියි.
    ඈත පිටිසර ගම්මානවල අපේ මාපියන් හිමිදිරියේම කැති උදලු ගෙන මහ පොළොව හා සටන් වැද සිය දරැවන්ගේ කුස පුරවති. පාසල්වල අවම පහසුකම් හෝ නොමැති ඔවුනගේ දරැවන් අධ්‍යාපන පිපාසයෙන් පෙලෙමින් රෑස්ස ගස් ගල් මත අවදානම් ලෙස ඔන් ලයින් කරති.ඒ අපේ අනාගතයයි.එක රටක් එක නීතියක් හා බැඳුන සෞභාග්‍යයේ දැක්ම?

  3. Gamarala says:

    කකුලුවා දඟලන්නේ වතුර එක නටනකන්ලු.

    2024 මේවාට වන්දි ගෙවපල්ලා

  4. ඩොලර් කාක්කා says:

    අනිත් මිනිස්සුන්ගෙන් ඩොලර් රුපියල් කරලා ඒව ටිකත් උස්සගෙන මුන් ටික රට ගිහින් ඩොලර් නෑ කිය කිය කෑ ගහන හේතුව දැන් එළි වුණා. මුං කලින්ම ඩොලර් එකතු කරන්න පටන් අරන්.

  5. සිරා says:

    ඒ උනාට මේකේ කොමෙන්ට් කොටලා වෙළලලෙන්න යන බයියෝ ටික නිවාඩුවට ගෙදර ඇද යට රිංගලා නිදියන්වාලු

  6. Sandy says:

    ගසා කාපු සල්ලි වැඩි කල් දිරවන්නේ නැත..පක්ශය කුමක් වුනත් එයයි ඇත්ත

Main News