නිවාඩු දිනවල බාරගත් නාම යොජනා අවලංගුද.. නීතිය මෙන්න..

May 4, 2020 at 12:02 am | lanka C news
නිවාඩු දිනවල බාරගත් නාම යොජනා අවලංගුද.. නීතිය මෙන්න..

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

නාමයෝජනා දින හතරක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කිරීමෙන් නාමයෝජනා නීති විරෝධි වන්නේ නෑ

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ මාර්තු 2 දින නිකුත් කළ ප්‍රකාශනයේ නාමයෝජනා භාර දීම සඳහා වෙන් කලේ මාර්තු 12 සිට 19 දක්වා දිනයන්. නිරෝධායන කටයුතු පහසු වීම සඳහා ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන ඇමතිතුමා විසින් 16 දා රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙසත් 17 සිට 19 දක්වා දින රජයේ විශේෂ නිවාඩු දින ලෙසත් ප්‍රසිද්ධ කළා. රජයේ නිවාඩු දිනයක් නාමයෝජනා දිනයක් විය නොහැකිය යන පදනමින් නාමයෝජනා වල නීත්‍යානුකූලත්වය ප්‍රශ්න කිරීමට ලක් වී ඇති බවත් ඒ් පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසීමට කටයුතු කරන බවටත් මැතිවරණ කොමිසම විසින් ඊයේ දිනයේ දී පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

ඇත්තෙන්ම මේ පිළිබඳ නීතිය හරිම සරලයි. පැහැදිලියි. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10(1) වගන්තියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ප්‍රකාශනයක සඳහන් කළ යුතු කරුණු දෙකක් සඳහන් වෙනවා. (අ) නාමයෝජනා කාල සීමාව (ආ) ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10(2) වගන්තියේ රෝමානු දෙක අනු වගන්තියේ සඳහන් වෙනවා (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ නියම කරනු ලබන දිනය පසළොස්වක පෝය දිනයක් හෝ 1971 අංක 29 දරණ නිවාඩු දින පනතේ සඳහන් යම් රජයේ නිවාඩු දිනයක් නොවිය යුතුයි කියා. ඒ පනතින් තමයි මැයි දිනය නිදහස් දිනය වැනි දින නිවාඩු දින ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ. ඇමතිවරයා මාර්තු 16 සිට 19 දක්වා නිවාඩු දින ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ මේ පනත යටතේ තමයි. එහි සඳහන් වෙන්නේ “(1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ නියම කරනු ලබන දිනය”.

(අ) වගන්තිය කතා කරන්නේ නාමයෝජනා කාල සීමාව. (ආ) ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය. (ආ) වගන්තියේ සඳහන් දිනය කියන්නේ ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය මිස නාමයෝජනා කාල සීමාව නොවේ. ඒ නිසා නිවාඩු දිනයක නාමයෝජනා භාර දීම හරහා නාමයෝජනා වල නීත්‍යානුකූලත්වයට කිසිම බලපෑමක් නෑ.

තවත් දෙයක් කිව යුතුයි. ජනාධිපතිතුමාට ඡන්ද විමසීම නිවාඩු දිනයක යෙදිය නොහැකි වුවත් දිනය ප්‍රකාශ කළාට පස්සේ ඒ දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කලොත් එයින් ඡන්දයට බලපෑමක් නෑ කියා 10(2)(ආ) අනු වගන්තිය කියනවා. මැතිවරණය ප්‍රකාශයට පත් කලේ මාර්තු 2දා. නිවාඩු දින ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඊට පස්සේ. එහෙම බැලුවත් මාර්තු 16 සිට 19 දක්වා නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම මැතිවරණයට බලපෑමක් නෑ.

මංගල වැරදියි. මුදල් වියදම් කිරීමට ව්‍යවස්ථාවෙන් ජනපතිට බලය ලබා දී තිබෙනවා.

මංගල සමරවීර හිටපු මුදල් ඇමතිතුමන් අප්‍රේල් 30 වනදායින් පසු ජනාධිපතිතුමන් මුදල් වියදම් කිරීම නීත්‍යානුකූල නැහැ ඒ නිසා වහාම පාර්ලිමේන්තුව යලි කැදවිය යුතුයැයි සදහන් කර තියෙනවා. එහි කිසිම නීත්‍යානුකූල පදනමක් නෑ. මංගල සමරවීර මැතිතුමන් විතරක් නෙවෙයි නීතිය ගැන අවබෝධයක් තියෙන සුමන්දිරන් ජනාධිපති නීතිඥතුමාත් මේ ගැන කතා කර තිබෙන නිසා අපි අවබෝධය පිනිස මේ ගැන කතා කර බලමු. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනපතිතුමන්ගේ මුදල් බලය ගැන කතා කරනවා. යම් කිසි වසරක විසර්ජන පනත්කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙරාතුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේතුව විසුරුවා ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සදහා මුදල් වෙන්කර නොමැත්තේනම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත්වෙන තෙක් රජයේ සේවාවක් සදහා යම්කිසි මුදලක් අවශ්‍යවෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත් වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.

සරල සිංහලෙන් කියල තියෙනවා අප්‍රියෙල් 30 වෙනිදායින් පසුව මුදල් වෙන්කර නැත්නම් මුදල් වෙන්කරන්න ජනාධිපතුතම්න්ට බලය තියෙනවා. මුදල් වෙන් නොකරපු දින සිට මුදල් වෙන්කරන්න තමයි බලය ලැබෙන්නේ. කවද වෙනකම් ද? අලුතින් ආණ්ඩුවක් ආවත් ඒ මුදල් ඇමතිවරයාට අවස්තාව තියෙන්නට ඕනෑ නිලධාරීන් රැස් කරලා රටේ ආර්ථික තත්වය ගැන ඇගයීමක් කරලා ඒකට ගැලපෙන අයවැයක් හදාගන්න. ඒ නිසා අවස්ථාව දීල තියෙනවා අළුත් පාර්ලිමේන්තුවේ පලමුවන රැස්වීමේ සිටද මාස තුනක් යන තෙක්ම ජනාධිපතුමන්ට මුදල් වියදම් කරගෙන යන්න පුුළුවන් විදිහට. අලුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වෙන දිනය ලෙස මැයි 14 ජනාධිපතිතුමා දැනට තීරණය කර තියෙනවා. එදින සිට මාස තුනක් කියන්නේ අගෝස්තු14 වනදායි. එම කාල පරාසය පුරාවටම ජනාධිපතිතුමන්ට මුදල් වියදම් කිරීමේ හැකියාව ලැබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තියෙන්. නමුත් මැයි 14 අළුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම දැන් තියන්න බැහැ. මොකද මැතිවරණය ජූනි 22 හෝ ඉන් පසුවයි පැවැත්වෙන්නේ. යම් හෙයකින් අපි හිතුමු ජූනි 22 මැතිවරනය තියලා පලමු පාර්ලමේන්තුව ජූලි 1 වැනිදා පැවැත්වුවා කියලා. එහෙමනම් ජනපතිතුමන්ට එදින සිට මාසතුනක් දක්වා මුදල් වියදම් කිරීමේ බලය දී තියෙනවා.

විපක්ෂය ඇති ප්‍රශ්න නැතිකරණවා වෙනුවට නැති ප්‍රශ්න ඇතිකිරීමේ කූට චේතනාවෙන් සිටින නිසා මේවා තේරෙන්නේ වී නමුත් නොතේරෙනවා සේ ඉන්නවා.

විසුරුවන ලද පාර්ලිමේන්තුව යළි කැඳවීම ජනපති නොකිරීමට හේතු සරල බසින්

පාර්ලිමේන්තුව යළි කැඳවන්න යැයි විපක්ෂය පසුගිය කාලයේ හඬ නැගුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තිය 155 (4)වගන්තිය උපුටා දක්වමින් හරහා හරබර නීති තර්ක මගින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමට නීතිමය නියමයක් නොමැති බව අප පෙන්වා දුන්නා. ජනාධිපතිතුමන් බැඳිලා ඉන්නේ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමටයි කියා පැහැදිලි කළා. බොලද අයට ඒවා තේරිලා නැති නිසා ඒ අයට තේරෙන විදිහට ඒක කියන්න හිතුවා. ජනප්‍රිය කලා ශිල්පියා තුළ අධිකාරි මහතා මෙහෙම කියනවා.

විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසුරුනු පෙති යලි මලක් නොවෙයි නැගණි…

විසිරුණු පාර්ලිමේන්තුවත් එහෙමම තමයි. විසිරුණොත් විසිරුණාම තමයි. ගලගෙදර පොඩි නිලමේ කියන විශ්‍රාමික ගුරු උපදේශක මහත්මයෙක් ඊටත් වඩා සරල අදහසක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ තිබෙන කාලේ දේශපාලන විවාහ බන්ධනය තමයි ජනාධිපතිතුමන් සහ පාර්ලිමේන්තුව. කලින් ජනාධිපති සහ පාර්ලිමේන්තුව හැප්පුනා. මෛත්‍රීපාල ජනාධිපතිතුමන්ට ඔය පාර්ලිමේන්තුව වධක බාරිය වගේ ඉන්නකම්ම වද දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති වුණාට පස්සේ පාර්ලිමේන්තු හැසිරුනත් වධක භාර්යාවක් විදියට. ඒ නිසා ජනාධිපතිතුමා මේ වධක භාර්යාව ගේ මිදෙන්න ලැබුණු පළමුවැනි අවස්ථාව වන මාර්තු 2 දා ම මෙම කාන්තාව දික්කසාද කරලා අලුත් මනමාලියක් හෙවත් අලුත් පාර්ලිමේන්තුවක් ගෙනෙන්න දින බලලා නැකත් බලලා ඔක්කොම කරලා තියෙනවා. එමෙ තියෙද්දී අර වධක භාර්යාව කියනවා අලුත් එක්කෙනා එපා අනේ මාව ගෙන ගන්නකෝ කියලා. ඔයාගේ කකුලෙන් අදින්නේ නැතුව ඔයාගේ හොඳ වැඩවලට උදව් කරගෙන ඉන්නම් මාව විශ්වාස කරන්න කෝ කියලා කියනවා. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න කියලද අපේ ජනාධිපතිතුමාටත් කියන්නේ. මහ බැංකුව හොරාකාපු පාර්ලිමේන්තුව, මැරුණු ත්‍රස්තවාදීන්ට යළි පණ දුන්න පාර්ලිමේන්තුව, ලංකාවේ ආර්ථිකය ඇෆ්ගනිස්තාන ආර්ථිකයටත් වඩා පල්ලෙහාට ඇදලා දාපු වැඩබැරි පාර්ලිමේන්තුව, ඒ වගේම අපේ ජාතික සම්පත් මර්මස්ථාන විදේශිකයන්ට විකුණා දැමූ පාර්ලිමේන්තුව. මෙවැනි පාර්ලිමේන්තුවක් යළි කැඳවීම කියන්නෙ ජනාධිපතිතුමන් ලවා ජාතික අපරාධයක් කරවීම විදිහටයි අප නම් දකින්නේ

ප්‍රශ්නය : මැතිවරණ කොමිසම නීතිපතිතුමාගේ මතය විමසීමට යෑම පිළිබඳව ඔබතුමාට හිතෙන්නේ මොකක්ද ?

පිලිතුර : මැතිවරණ කොමිසමෙ බෙඳුනු මතයක් තිබෙන බවයි මින් පැහැදිලි වෙන්නේ. කෙලින්ම බෙදුම්වාදයට ආවඩන, දේශපාලන මතය විවෘතව ඉදිරිපත් කරමින් ස්වාධීන යැයි කියන මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය දරන හූල් මහත්තයා මේ පරාල ඇණය වෙන්නට බොහෝ දුරට ඉඩ තියෙනවා. හූල් මහත්තයට නීතිය ගැන අවබෝධයක් නැහැ. මැතිවරණ කොමිසම දේශපාලනීකරණයට ලක් කිරීම තමයි ඔහුව පත් කිරීමට මැදිහත් වුණු එවකට සිටි ආණ්ඩුව ඔහුට බාර දීලා කියන කාරණය. අනිත් මහත්වරුන් දෙදෙනා මහත්වරුන් විදියට හැසිරුණත් හූල් මහත්තයාට මහත්තයා කියන්න ලැජ්ජයි කියන එක නම් අපි මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනෑ.

ප්‍රශ්නය : අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අරලියගහ මන්දිරඅයේ හමුවට නොපැමිණෙන බව ප්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තුව යලි රැස් කිරීමම ඔවුන් ඉල්ලා සිටිනවා. ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ.

පිළිතුර : අනුර කුමාරයා කරපු දෙයින් ඔවුන්ගේ යටි අරමුණ එළියට ආහ කියලා තමයි මට කියන්නට වෙන්නේ. මේ අය මාස තුන හමාරක් පුරාවට කළේ ජනාධිපතිතුමන්ගේ වැඩ පිළිවෙළට කකුලෙන් ඇදීමයි. මේ අය යළි පාර්ලිමේන්තුව කැඳවන්නට කියන්නේ කිසිම සාධාරණ හේතුවක් නැතුව. පාර්ලිමේන්තුව කැඳවලා මොකද්ද ඒගොල්ලෝ කරන්නේ කියන ප්‍රශ්නයට ඔවුන් අද වන තුරු පිළිතුරක් දීලා නැහැ. අනුර කුමාර මහත්තයා නම් කියන්නේ ආණ්ඩුවට සහය දක්වන්නයි පාර්ලිමේන්තු කැඳවන්නේ කියලා. අප විශ්වාසභංග ගේන්නේ නැහැ. අප දෝෂාභියෝග ගේන්නේ නැහැ අපට අවශ්‍ය සහය දක්වන්න කියලයි ඔවුන් කිව්වේ. ජනතාවට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න, ආණ්ඩුවේ වැඩපිළිවෙලේ අඩුපාඩු පෙන්වන්න ඔවුන්ට අවශ්‍යයි කියලයි. ඒ දෙකම අරලියගහ මන්දිරයේදීත් කරන්න පුළුවන්. දෝෂාභියෝග සහ විශ්වාසභංග මුදල් පාලනයට අකුල් හෙලීම වගේ දේවල් තමයි අරලියගහ මන්දිරයේ දී කරන්න බැරි පාර්ලිමේන්තුවේදී කල යුතු දේ. ඔවුන් අරලියගහ මන්දිරයට එන්න බැහැ පාර්ලිමේන්තුව යළි කැඳවන්න කියන එකෙන් පේන්නේ ඔවුන්ට ආණ්ඩුවේ වැඩපිලිවෙල කඩාකප්පල් කරලා මේ රටත් ඇමරිකාවක් ඉතාලියක් වගේ මළගෙයක් කරණ අරමුණින් කටයුතු කරනවා කියන එකයි. ඒ වගේම මේ අය තව දෙයක් කියනවා. ආණ්ඩුවට මුදල් ලැබිලා තියෙනවා. ඒවා වියදම් කළ ආකාරය දැනගන්න පාර්ලිමේන්තු කැඳවිය යුතුයි කියලා. අපි ඉතාම වගකීමෙන් කියන අප දන්නා තරමින් නම් කිසිම රටක් මුදල් ලබාදීලා නැහැ. යම් යම් ද්‍රව්‍යමය ආධාර ලබා දුන්නා. අපිටත් හොරෙන් කවුරුන් හෝ මුදල් ලබාදී තියෙනවා නම් කවදා කුමන රට මුදල් දුන්නා ද සාක්ෂි සහිතව පෙන්වන්න.

– අරවින්ද අතුකෝරල

413 views

31 Comments to “නිවාඩු දිනවල බාරගත් නාම යොජනා අවලංගුද.. නීතිය මෙන්න..”

  1. දසුන් says:

    ඔබතුමාට ස්තුතියි කාටත් තේරෙන බසින් පැහැදිලි කලාට.

  2. සසන්ක says:

    මංගලය දන්න නීතිය.

  3. උපාසක says:

    නොදන්න නිසා අහන්නේ නාමයෝජනා බාරගත්ත දවසේ මැතිවරණය කොමසාරිස් තුමා දැනගන ඉදලා නැද්ද එදා නිවාඩු දවසක් විදිහට ප්‍රකාශ කරලා කියලා.

    • Leo says:

      ඌ එදා හරි කොබා. උගේ පුල්ලි එලියට එන කාලේ.

  4. NUwan says:

    රටම අවුල් කරන්න විපක්ෂය දගලද්දී ඔබතුමාගේ පැහැදිලි කිරීම වටිනවා උගත් බුද්ධිමත් ජනතාවට

  5. DRS says:

    I wish fresh nominations can be brought. So that we can include the heros of the past few weeks into the list and eliminate career politicians who did not even step out their houses to help the affected people.

  6. Leo says:

    මැති කොමා හරි කොබා. උගේ පුල්ලි එලියට එන කාලේ.

  7. 😛 😜 😝 says:

    @ GU-NP-PAD-Nayana
    @ Alapaluwa
    @vishnu
    @හැලීගේ ධුමකේතුව

    කැරකෙන රෝදේ කක්ක කරත්තේ
    බැහැගෙන අපි ඉන්නේ
    චන්දෙට කලියෙන් ගොඩ දා ගන්නට
    තල්ලු කරන් වහලෝ //

    • Wijebahu says:

      ගූ කරත්තෙ ලඟ එනවෝ,
      ඇරගෙන කාපන් සජියගෙ වහලෝ.

  8. Kamala says:

    UDAYA GAMMANPILA IS A ” NAME SAKE BRIEFLESS LAWYER”…

    HE HAS NEVER APPEARED FOR CASES, EXCEPT FOR HIS CHEATING CASES…

    ITS A SHAME TO LAWYERS TO CALL THIS FELLOW A LAWYER.

Main News