නිවාස තුලදී මිය යන කොරෝනා ආසාදිතයන් අවදානමක්.. එවන් තවත් ආසාදිතයන් නිවෙස්වල..

November 10, 2020 at 3:22 am | lanka C news
නිවාස තුලදී මිය යන කොරෝනා ආසාදිතයන් අවදානමක්.. එවන් තවත් ආසාදිතයන් නිවෙස්වල..

මූලාශ්‍රයක් හඳුනා ගත නොහැකි වූ බොහෝ ප්‍රමාණයක් සමාජය තුළ දැනට සිටිනා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිත බවට මිය ගිය පසු හදුනාගන්නා ආසාදිතයන්ගේ මුලාශ‍්‍රයන් ඇතැම් අවස්ථාවල ඉතා ගැටලූ සහගත බවයි.

ඒ අනුව පෙනී යන්නේ මෙතෙක් හදුනා ගත නොහැකි වූ රෝගීන් නිවෙස් තුල තවදුරටත් සිටින බව යයිද ඔහු පැවසීය.

කොරෝනා මේ වන විට සමාජ ගත වීද නැද්ද යන්න සම්බන්ධයෙන් වාද විවාද පවතින නමුත් විශේෂඥයන් පවසන්නේ සමාජගත වීමක් නොමැති බව යැයිද ඔහු පැවසීය.

30,499 views

2 Comments to “නිවාස තුලදී මිය යන කොරෝනා ආසාදිතයන් අවදානමක්.. එවන් තවත් ආසාදිතයන් නිවෙස්වල..”

  1. මර්තේනිස් අයියා says:

    සමාජගතවෙලා නැහැ නිවෙස්ගතවෙලා

  2. lotus says:

    ගලගොඩඅත්තේ නෑ , අතුරලියේ නෑ , ඉත්තෑකන්දේ නෑ , මාගල්කන්දේ නෑ , Amith නෑ පුදුම සැනසීමක් තියෙන්නෙ රටට …

    Dogs have been tighten by owners

Main News