නිවාස දහයක් ගිනිගෙන විනාශ වෙයි….

July 29, 2020 at 2:09 am | lanka C news
නිවාස දහයක් ගිනිගෙන විනාශ වෙයි….

ලිදුල පොලිස් වසමට අයත් නාගසේන අගරකන්ද වත්තේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් වතු නිවාස දහයක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව ලිදුල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත් , ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

ගින්නෙන් විනාතශ වු නිවාස වල පදිංචිව සිටි වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික  බඩු බාහිරාදිය සහ වටිනා ලිය කියවිලි ගිනිගෙන විනාශ වි ඇත.

පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව පාලනය කිරිමට සමත් වි ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර , ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්නෙන් විනාශ වු නිවාස වල පදිංචි පවුල් 10 කට අයත් සමාජිකයන් 40 දෙනෙකු පමණ එම වතු යායේ ආරක්ෂිත ස්ථානයක් කරා තාවකාලිකව යොමු කිරිමට පියවර ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

ගින්න පිලිබදව ලිදුල පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

654 Viewers

One Comment to “නිවාස දහයක් ගිනිගෙන විනාශ වෙයි….”

  1. COBRA says:

    ඉන්දියාවේ විසා නැතුව ආපු කල්ලතොනින්ට දැන් ලංකාවේ පුරවැසි භාවය නව අලුත් හැදුනුම් පත් ලැබෙයි

Leave a Comment

Main News