නිවාස පෙලක් ගිනිගනී…

May 9, 2020 at 6:48 pm | lanka C news
නිවාස පෙලක් ගිනිගනී…

හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ මැණික් වත්ත කොටසේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 4 කට හානි සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

වතු නිවාස 20 කින් සමන්විත එම නිවාස පස්වරු 1 ට පමණ ගින්න හටගෙන ඇත.

පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් එක් වි දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.

පැතිර ගිය ගින්නෙන් එක් නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර පැතිර ගිය ගින්න පාලනය කිරිමට යාමේදි තවත් නිවාස තුනකට අර්ධ වශයෙන් හානි සිදු වි ඇත.

ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකෙරේ , ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නේ අලාභ හානි වු නිවාස වල පවුල් 4 කට අයත් සමාජිකයන් තාවකාලිව ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,906 Viewers

8 Comments to “නිවාස පෙලක් ගිනිගනී…”

  1. sunimal says:

    රජය මේ ගිනිතැබීම් ගැන වහාම සොයා බැලිය යුතුය මෙය සිතා මතා වෙන්නත් පුලුවන්

    • nimalsiri says:

      yako okata gini thibbema mahindayagei,gotagei,roudy gang ekanedaban.ithin thawa mona pareekshaada motta
      sunimal?

  2. Osera says:

    පලි ගැනීම්..සදහා හොද කාලෙ
    .

  3. Kakiyana Lea says:

    Wathu niwaasa giniganima salasum sahagathawa karana deyak.Ounta nawa niwaasa saha wenath idam labaaganimata meya karanne. 2015 wanatek wasara 100 ginigath niwaasa pramaanaya saha 2015 sita mee dakwaa ginigath pramanaya kotharam wedidai soyaa balanna.Nudureedima tea estate walin wadi kotasak wathu niwaasa sadahaa wen weevi.

  4. හැලීගේ ධූම කේතුව says:

    මේ පිළිබඳව වහා සොයා බලා පරීක්ෂණයක් කර ඒ පිලිබන්දව වාර්තාවක් ලබා ගත යුතුයි. මේ වෙලාවේ අපේ ගරු ගෝඨාබය ජනාධිපති තුමා අපහසු තාවයට පත් කිරීමට මේ වෙලාවේ බංකොලොත් විපක්ෂය කැස කවවමින් ඉන්නා බව නොරහසක්. ඉතින් අපි සහෝ මේ ගැන විමසිල්ලෙන් ඉන්න ඕන. අපි මෙච්චර දුරු රටක ඉඳන් ආවේ මේ රට අමනයන්ගෙන් බේරා ගෙන අපේ යුතුකම ඉටුකරන්න. පෙනේද මම මෙතන උදේ ඉඳන් කහින කැහිල්ල. ඇයි අනිත් අයට නැත්තේ එවන් පශ්චාත් කැක්කුමක්.

    • nimalsiri says:

      ado kenda bona H D K.,thoth oya gotath ekka aayemath americaavatama gihin parana job eka ekiyanne petrol
      shed eke thel gahana wede aarambha korapan.kisima keri ballek ochchara duraka indala lankaawata ewilla me
      rate raja koranna api ida nodemu.meratema innavaaban onatharam buddhimathun.

  5. Chinthana says:

    Yes they may be expecting Compensation from the government …if it happen purposely…

  6. Anura says:

    මම දැක්කා එදා ගෝටා කොහෙද යන්න ජනාදිපති නිවසෙන් පිටවෙනවා. ඒ නිසා ගෝටා තමයි මේක කලේ. AKD සජිත්