නිවාස පෙලක් ගිනි ගනී.. පිරිසක් අවතැන්…

May 3, 2020 at 8:02 am | lanka C news
නිවාස පෙලක් ගිනි ගනී.. පිරිසක් අවතැන්…

හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතු යායේ වතු නිවාස පේලියක (02) දින පස්වරු 6.30 ට පමණ හටගත් ගින්නෙන් වතු නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මින් නිවාස 8 ක් පුර්ණ වශයෙන් ගිනිගෙන විනාශ වි ඇති අතර සෙසු නිවාස ගින්න පාලනය කිරිමට යාමේදි අර්ධ වශයෙන් අලාභ හානි සිදු වි ඇත.

වතු නිවාස පේලියේ එක් පෙලක නිවාස අටක්ද අනෙක් පේලියේ නිවාස 7 ක් බැගින්ද පිහිටා තිබුණි.

පස්වරු 6.30 පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

ගින්නෙන් වතු කම්කරු පවුල් 14 කට අයත් ඔහුන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ගින්නෙන් සහ ගින්න නිවිමට යාමේදි විනාශ වි ඇත.

ගින්න හේතුවෙන් වතු නිවාස 14 ක පදිංචි පවුල් 14 කට අයත් සමාජිකයන් වතු  යායේ ආරක්ෂිත ස්ථානයක් කරා තාවකාලිකව යොමු කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.

වතු කම්කරුවන් එක් ව පැතිර ගිය ගින්න පාලනය කල අතර පසුව හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින්ද එක්විය.

ගින්න සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

7,339 Viewers

4 Comments to “නිවාස පෙලක් ගිනි ගනී.. පිරිසක් අවතැන්…”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ජඩපාලන කාලයේ තලවකැලේ තේ වතු මැද්දෙන් යන රජයේ මාර්ගයකට කොන්ක්‍රීට් අතුරන්න එක්කෝටි හැට ලක්ෂයක් වෙන්කරගෙන බෝඩ් ගහලා තිබ්බා . වැඩ පටන්ගෙන දමාපු පලවෙනි මීටර් 25 විතරයි තාමත්… රජයට සල්ලිත් නෑ මිනිස්සුන්ට පාරත් නෑ.. තේ වතු වල වතු නිවාසවල ඉන්න ඒ දුප්පත් මිනිස්සුන්ට එවාට හැප්පෙන්න කතාකරන්න හයිය හක්තියකුත් නෑ.. ඕන්න ජඩපාලනේ කෙරුම්

    • Gu VP, NP says:

      Ane mada 2019 Novmber 16 indalama ginigannawa jalageleem, hulangata geval kedenawa, aligahanawa, ehen corona,ispiritala wahapu nisa wena leda walin merenawa………….. Balanna jada palana kale weda

  2. john the baptice says:

    ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති නම් මෙය කුමන්ත්‍රණයක් වහාම සොයා බලන්න.

    • JUDE says:

      තේ වතු වල ජාතිවාදී දෙමළ දේශපාලකයින්ගේ වැඩ මේවා .. තේවතුවල දෙමළ ජනගහනය වැඩිකිරීමට කරන උප්පර වැට්ටි ..ඊට පසු අලුත් ගෙවල් ඉඩම් දමිල ජනතාවට අපේ රටේ නොමිලේ ……කදුකරේ දෙමළ කොළණි හැදීමට ඉඩම් මංකොල්ලා කෑමක් මේ