නිවාස පෙලක ගින්නක්.. එක් නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වෙයි…

September 8, 2019 at 8:03 am | lanka C news
නිවාස පෙලක ගින්නක්.. එක් නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වෙයි…

නාවලපිටිය පොලිස් වසමට අයත් කැටබුලාව වත්තේ වතුනිවාස පේලියක හටගත් ගින්නකින් එක් නිවසක් සම්පර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය පොලිස් වසමට අයත් කැටබුලාව පුදුකාඩු කොටසේ වතු නිවාස පේලියේ ගින්න හටගෙන ඇත.

වතු නිවාස 10 කින් යුත් එම නිවාස පේලියේ එක් නිවසකින් හටගත් ගින්න එම වතු යායේ පදිංචි වතු කම්කරුවන් එක් ව සෙසු නිවාස වලට පැතිර යාම දැඩි පරිශ්‍රමයක් දරා වලක්වාගැනිමට සමත් වි ඇත.

ගින්නෙන් එක් නිවසක තිබු වතු කම්කරුවෙකුට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ වි ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැත.

ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සෙරු කර නොමැති අතර ගින්න පිලිබදව නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

2,111 Viewers

One Comment to “නිවාස පෙලක ගින්නක්.. එක් නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වෙයි…”

  1. Love nature says:

    මේ සුලු ජාතිකයන්ට නිවස්වල අනතුරු මගහැරීමේ පංති පැවැත්වීම රජය විසින් වහාම ඉටු කල යුතුය එය ගිනි නිවන හමුදාව මගින් කල හැකිය