නිවාස පෙලක ගින්නක්..

September 3, 2019 at 2:08 am | lanka C news
නිවාස පෙලක ගින්නක්..

හැටන් දිඹුල පොලිස් වසමට අයත් රොසිටා වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් වතු නිවාස 8 ගිනිගෙන විනාශ වි ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

02 පස්වරු 5 පමණ එම වතු නිවාස පේලියේ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බව පොලිසිය පැවසුවේය.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වි නොමැත.

පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් සහ දිඹුල පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින්  එක්ව මේ වන විට  පාලනය කර ඇත.

ගින්න පැතිර යාමත් සමග එම වතු නිවාස පේලියට ලබා දි තිබු විදුලි බලයද තාවකාලිකව විසන්ධි කර ඇත.ගින්නෙන් වතු නිවසක තිබු යතුරුපැදියක්ද ගිනිගෙන විනාශ වි ඇති අතර ගින්නෙන් වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදියද විනාශ වි ඇත.

ගින්නෙන් වතු නිවාස 8 කට අයත් සමාජිකයන් 20 දෙනෙකු පමණ අවතැන් වි ඇති අතර ඔහුන් තාවකාලිකව වතුයායේ වෙනත් ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරිමට කටයුතු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

387 Viewers
Main News