නිවාස පේලියක ගින්නක්.. නිවාස 08 ක් සම්පුර්ණයෙන්ම විනාශයි..

February 17, 2020 at 2:02 am | lanka C news

නොර්වුඩ් පොලිස් වසමට අයත් බිලින්කිබොනි තේ වත්තේ  වතු නිවාස  පේලියක (16) දින රාත්‍රි 7ට පමණ හටගත් ගින්නෙන් එම වතු නිවාස පේලියට අයත් නිවාස 8  පමණ සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.

එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම විනාශ වි ඇත.

පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින් එක් ව පාලනය කලද එ වන විටත් වතු නිවාස පේලියම ගින්නෙන් විනාශ වි තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති  බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

ගින්න සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

ගිනනෙන් පවුල් 8 කට අයත් සමාජිකයන් 50 ක් පමණ අවතැන් වි ඇති අතර ඔහුන් තාවකාලිකව එම වතු යායේම ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

759 Viewers
Main News