නිවාස රැසක් කොල්ල කෑ මහ මොලකරුවෙක් අත්අඩංගුවට…

April 11, 2021 at 8:02 am | lanka C news
නිවාස රැසක් කොල්ල කෑ මහ මොලකරුවෙක් අත්අඩංගුවට…

යාපනය නගරයේ හෙරෝයින් ජාවාරමේ නිරත වූ අයෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමකදී  යාපනය නගරයේ වෙළඳසැල් නිවාස ඇතුලු ස්ථාන කිහිපයක සිදුකරන ලද රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා කොල්ලකෑම් රැසක් හෙලිකරගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය පොලීසයේ අපරාධ අංශ නිලධාරීන් පිරිසක් විසින් පළමුව එක් සැකකරුවෙකු හෙරෝයින් මිලිග්‍රෑම් 2200 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අදාල ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරනය කොට ගෙන ඇත.

අනතුරුව පොලිස් නිලදාරීන් විසින් යාපනයේ ස්ථාන කිහිපයකදී කොල්කන ලද භාණ්ඩ ලඟතබාගැනීමේ චෝදනාව මත තවත් සැකකරුවෙකු සමගින් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා උපකරණද සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන් විසින් කොල්ලකන ලද ලැප්ටොප්, පරිඝනක, දැව නිර්මාණ, මහන මැෂිණ්, ජංගම දුරකතන, විවිධ වූ විද්‍යුත් උපකරණ හා ගෙවල් බිඳීම සඳහා යොදාගන්නා උපකරණ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු සහ යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේ පදිංචි අයෙකු යාපනය අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,700 views

One Comment to “නිවාස රැසක් කොල්ල කෑ මහ මොලකරුවෙක් අත්අඩංගුවට…”

  1. පුට්ටුවට කඩේ ගිය කියත්මගේ අන්කල් says:

    කළුතර පැත්තේ ද ?
    මාල කඩලා පස්සේ පාර්ලිමේන්තු පැනපු එකෙකේ නේද ?
    කොන්ඩේ පස්සට පීරලා සුදු සරම ඇඳලා ෆේශල් කරලා මේකප් දාලා නිතරම ටීවී එකේ ඉන්නවා නේද ?

Main News