නිවාස ව්‍යාපෘතියක් ඉහල කොත්මලේ ජලාශයට නායයාමට ආසන්නයි..

October 21, 2018 at 5:30 pm | lanka C news
නිවාස ව්‍යාපෘතියක් ඉහල කොත්මලේ ජලාශයට නායයාමට ආසන්නයි..

තලවකැලේ නගරයේ වනිගසේකර පෙදෙස නගර සභ නිවාස ව්‍යාපෘතිය ඉහල කොත්මලේ ජලාශයට නායයාමේ අවධානමක් පවතින බව පවසමින් එම ගම්මානයේ පදිංචිකරුවන් පිරිසක් තලවකැලේ නගර මධ්‍යයේදි උද්ඝෝෂනයක  නිරත විය.

ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි වනිගසේකර පෙදෙස  පිහිටි ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදි නොකිරිම නිසා මේ වන විට එම ගම්මානයේ ස්ථාන කිහිපයකින්ම ජලාශයට නායයාමට පටන්ගෙන ඇති බවයි තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා කියා සිටින්නේ.

ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි ස්ථාන කිහිපයකට පමණක් ආරක්ෂක පැති බැමි ඉදි කර ඇතත් වනිගසේකර පෙදෙස නගර සභා නිවාස ව්‍යාපෘතිය ආසන්නයේ ජලාශ මායිමේ  ආරක්ෂිත පැති බැම්මක් ඉදි කරන ලෙස  එවකට ව්‍යපෘති භාරව සිටි අධ්‍යක්ෂකවරයාට අවස්තා කිහිපයකදි ලිඛිතව හා වාචිකව දැනුම් දුන්නත්  එයට මේ වන තෙක් කිසිදු විසදුමක් ලබා නොදුන් බවයි  අශෝක සේපාල මහතා චෝදනා කර සිටින්නේ.

එම නිවාස යෝජනා ක්‍රමයට මායිම්ව තලවකැලේ නගරය , තලවකැලේ පොලිසිය , මුස්ලිම් පල්ලිය හා සිංහල ප්‍රාථමික විද්‍යාලයද පිහිටා ඇති අතර එම නිවාස යෝජනා ක්‍රමය නිවාස 85 කින් සමන්විත වෙයි.

මෙම නායයාමේ අවධානමකට ලක් වි ඇති වනිගසේකර පෙදෙස නගර සභා ව්‍යපෘතියේ  පදිංචිකරුවන් වෙනත් ආරක්ෂිත ස්ථානයකට පදිංචි කිරිමට හෝ එම නිවාස ව්‍යාපෘතියට ආසන්නව තිබෙන ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදි කර දෙන ලෙසයි තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා ඉහල කොත්මලේ ජල විදුලි ව්‍යාපෘති භාර නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

10,707 Viewers
Main News