නිවාස 03 කට ආවා කල්ලි ප්‍රහාරයක්.. දැඩි අලාභහානි.. පහර දෙන ගමන් වීඩියෝත් කරලා…

August 23, 2018 at 5:30 pm | lanka C news
නිවාස 03 කට ආවා කල්ලි ප්‍රහාරයක්.. දැඩි අලාභහානි.. පහර දෙන ගමන් වීඩියෝත් කරලා…

යාපනය කෝපායි පොලිස් වසමේ සහ චුන්නාකම් පොලිස් වසමේ නිවාස 3 කට ඊයේ (22) රාත්‍රියේ ආවා කල්ලි ප්‍රහාරයක් සිදු වී ඇති බවට චුන්නාකම් හා කෝපායි පොලීසිය කියා සිටියේය.

කෝපායි පොලිස් වසමේ පිහිටි නිවාස දෙකකට පළමුව යතුරුපැදි තුනකින් මුහුණු ආවරණය කරගත් 09 දෙනෙකුගෙන් යුත් පිරිසක් පළමුව පහර දී ඇති අතර එම පහරදීමෙන් අදාල නිවාසයන්හි තිබූ යතුරුපැදි තුනකට ගිනි තැබීම් හා නිවසේ දොර ජනෙල් වලට දැඩි හානි සිදු කොට ඇති අතර කිසිදු පුද්ගල හානියක් සිදු කොට නොමැති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

අනතුරුව එම පිරිස විසින්ම චුන්නාගම් පොලිස් වසමේ පිහිටි තවත් නිවාසයකට පහර දී එහි තිබු යතුරු පැදියකට හා ත්‍රී රෝද රථයකට දැඩි අලාභහානි කර නිවසට අලාභහානි සිදු කොට පලා ගොස් ඇති බවට චුන්නාගම් පොලීසිය කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම නිවාස තුනටම පහර දීමේදී පැමිණි පිරිසේම එක් පුද්ගලයෙකු විසින් මෙම සියලු පහරදීම් වීඩියෝගත කර ගත් බවටද ප්‍රහාරය එල්ල වූ නිවසියන් කියා සිටි අතර පහර දීමේදී කිසිදු පුද්ගල පහරදීමක් සිදු නොකිරීමටද මෙම කල්ලිය විසින් නියෝග ලබාදුන් බවට පහරකෑමට ලක් වූ නිවැසියන් විසින් පොලීසියට පවසා ඇත.

අදාල පහරදීම් සමබන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර චුන්නාගම් හා කෝපායි පොලීසිය විසින් වැඩි දුර පරික්ෂණ සිදු කරයි .

 

66 views
Main News