නිවුයෝක්වලත් ගෑස් නෑ.. ලංකාව ගැන මොන කතාද..

March 25, 2022 at 12:40 pm | lanka C news
නිවුයෝක්වලත් ගෑස් නෑ.. ලංකාව ගැන මොන කතාද..

ඉන්ධන සහ ගෑස් හිගය ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම මුහුණ දී සිටින අර්බුදයක් බව කර්මාන්ත ඇමති එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ද දැඩි ගෑස් හිගයක් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළ බව ද හෙතෙම පැවසීය.

බොරතෙල් නිපදවන රටක් නොවන ශ්‍රී ලංකාව ලෝකයම මුහුණ දෙන අර්බුදයට විසඳුම් සොයන්නේ කෙසේදැයි ඇමැතිවරයා විමසයි.

මීට පෙරද ගෑස්, ඉන්ධන හිගයන් ඇති වූ නමුත් ඒ කිසිදු අවස්ථාවක ජනතාව කලබලයට පත් නොවූ බවත් මෙවර ඉන්ධන හිගයක් ගැන ඇමතිවරුන් පවා ප්‍රකාශ නිකුත් කිරීම නිසා ජනතාව කලබලයට පත්වූ බවද හෙතෙම සඳහන් කළේය.

අද ඉන්ධන හිගයට හේතු වී ඇත්තේ ජනතාව කලබල වී අනවශ්‍ය පරිදි ඉන්ධන රැස් කිරීම බවත් ඔහු කියා සිටියි.

කෙසේ නමුත් පසුගිය දිනවල පැවැති තරම් ඉන්ධන පෝලිමක් අද දක්නට නැති බවද පැවසූ ඔහු කොළඹ සිට මහනුවරට දක්වා අද කිසිදු ඉන්ධනහලක පෝලිමක් නොතිබූ බවද පැවසීය.

24,833 views

33 Comments to “නිවුයෝක්වලත් ගෑස් නෑ.. ලංකාව ගැන මොන කතාද..”

  1. උපාලි says:

    පට්ට කෙබර. ජනතාව මෙලෙස නොරවටනු

  2. Wewegadara Appuhamy says:

    What mode of politics this guy knows about that rapid changing situation of World?
    Do not talk political gossips….! World is moving for New World Order ……..@

  3. Wewegadara Appuhamy says:

    What mode of politics this guy knows about that rapid changing situation of World?
    Do not talk political gossips….! World is moving for New World Order ……..@
    If this guy wanted if he has a will there is way to learn many lessons of 21st century politics are dramatically opposites to 20th century politics of that SLFP and SLPP.He is an outdated of every sphere of lives ?

  4. ගමේ කොල්ලා says:

    කතා නොකර හිටින කං මී හරකාත් පංඩිතයෙක් ලු .

  5. Thuwan says:

    අනේ පල මුසලයා බොරැකියන්නෙ නැතුව මෙහෙ ඕනතරම තියෙනවා.

  6. On The Spot says:

    නිවුයෝක්වල ගෑස් නැති උනාම අපට මොකෝ සුමනවීර.අපි ඉන්නෙ ඇමරිකාවෙද ?
    මුදුන් මී හරක නොවී අපේ ප්‍රශ්ණ කථා කරනව.නැත්නම් ගෙදරට වෙලා ඔය වක්කඩ වහගෙන ඉන්නව. තනතුරු දීල කෙලව ගන්නව කියන්නෙ ඕකට තමයි.

  7. හඟුරන්කෙත නිළමේ says:

    මූ ඇවිල්ල ගොං ඇමතියෙක්. මූවගේ එකෙක්ට ඇමතිකම් දෙන්නෙ ඊටත්වඩා පට්ට ගොනෙක්.

  8. R. Prema says:

    අනේ පින් ඇමතිතුමෝ තවම හිතාගෙන ඉන්නේ මිනිස්සු තවමත් ඔහෙලගෙ වාචාල කටවල් වලට රැවටෙනවා කියලද? ඒ ඉස්සර

  9. මරතේනිස් අයියා says:

    කාලකණ්නියෝ………මිනිස්සුන්ගෙ ප්‍රශ්න විහිලුවට ගන්න එපා.මෙච්චර කාලයක් සද්දෙ වහගෙන හිටියා කැබිනට් එකට දාගත්ත ගමන් කුණු කාණු කට අරිනවා ඹ්යි තමුසෙගෙ කට නිසා රටම ගඳගහනවා

  10. අන්න බයියාඩොන් ඊයේ රෑ ෆෝන් කරල ගෑස් ටිකක් එවන්න කියලත් ජංගිය බණ්ඩාට කියලාලූ says:

    අන්න ඊයෙ රෑ ජංගිය බණ්ඩාට ඇමෙරිකාවෙන් බයියා. ඩොන් කතා කරල ගෑස් ඉල්ලලා. මල් කෙලියයි. ඌ ඒක අරන් ඒවිදෝ දන්නේ නෑ.පිස්සූ පූසෙක්.හගූරන්කෙත බයියෙක්. පිස්සූ පතෙන්…ගොන් තකතිරුවෙක්.

Main News