නිවුයෝක් ටයිම්ස් සත්තම සත්තයි.. මහින්දට චීනා සල්ලි දුන් හැටි මං හෙලි කරනවා..- අනුර

July 15, 2018 at 3:50 pm | lanka C news
නිවුයෝක් ටයිම්ස් සත්තම සත්තයි.. මහින්දට චීනා සල්ලි දුන් හැටි මං හෙලි කරනවා..- අනුර

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට චීනයෙන් මුදල් ලබා දුන් ආකාරය හෙලි කිරීමට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අදාල සියලු විස්තර එන සතියේ පාර්ලිමේන්තුවේදී හෙළි කරන බවද ඒ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මහරගම පැවති සම්මත්‍රණයක් අමතමිනි.

තමනට නිශ්චිතව තහවුරු කල නොහැකි බොහෝ දේ ප‍්‍රකාශ කිරීමට දේශපාලඥයන් පාර්ලිමේන්තු යොදා ගන්නා බව බොහෝ දෙනා දනිති. මන්ද එහි සිදු කරන කිසිදු ප‍්‍රකාශයක් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නොහැකිය.

මෙරට රජයේ තොරතුරු උපුටා දක්වමින් නිවුයෝක් ටයිම්ස් පුවත්පත පසුගියදා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාට 2015 ජනාධිපතිවරණයේදී චීනයෙන් ඩොලර් මිලියන 7.6ක් ලබා දුන් බවයි.

2010 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකාට ලබා දුන් මුදල් ජවිපෙ විසින් වෙනත් වැඩ සදහා ලබා ගත්තේ යයි කොලඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් යවන ද කේබල් පනිවුඩයක් විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙලි කර තිබින.

216 views

41 Comments to “නිවුයෝක් ටයිම්ස් සත්තම සත්තයි.. මහින්දට චීනා සල්ලි දුන් හැටි මං හෙලි කරනවා..- අනුර”

  1. Roha says:

    2010 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකාට ලබා දුන් මුදල් ජවිපෙ විසින් වෙනත් වැඩ සදහා ලබා ගත්තේ යයි කොලඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් යවන ද කේබල් පනිවුඩයක් විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙලි කර තිබින
    Hahahaaaa

Main News