නිවේදක නම වැරදුවැයි ඇමති පරල වේ.. වේදිකාවට පැන මයික‍්‍රෆෝනය උදුරාගෙන යකා නටයි..

March 11, 2019 at 10:00 am | lanka C news
නිවේදක නම වැරදුවැයි ඇමති පරල වේ.. වේදිකාවට පැන මයික‍්‍රෆෝනය උදුරාගෙන යකා නටයි..

හෙම්මාතගම නගරයේ පැවැති සංගීත ප‍්‍රසංගයක පොල්තෙල් පහන දැල්විම සඳහා බොරු සංවිධායකවරයෙකුගේ නමක් නිවේදකයා විසින් කිව බව පවසමින් හිටපු පළාත් සභා මන්ත‍්‍රී මාවනැල්ල පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන සංවිධායක ඉදුනිල් ශාන්ත මහතා වේදිකාවේදි නිවේදක මහතාට බැන වැදිමේ සිද්ධියක් (09) සංගීත ප‍්‍රසංගය ආරම්භයේදිම දැක ගත හැකි විය.

සංගීත ප‍්‍රසංගය රාත‍්‍රී 9 ට පමණ ආරම්භ වු අතර හෙම්මාතගම නගරයේ ඇති විහාරස්ථානයේ විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා ඇතුලූ මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන ජයවන්දල මහතා මෙන්ම විශාල ආරාධිත අමුත්තන් එම අවස්ථාවට සහභාගි වි සිටින ලදි.

එහි සිටි නිවේදක මහතා විසින් වේදිකාවේ ඇති පොල් තෙල් පහන දැල්විමට ආරාධිත නාම ලේඛනය ඉදිරිපත් කලාය. එම නාම ලේඛන ඉදිරිපත් කරන අවස්ථාවේ නිවේදකවයා විසින් අරණායක පොදුජන එක්සත් පෙරමුණේ ආසන සංවිධායක අපෙක්ෂක චන්දිම ලක්මාල් බණ්ඩාර මහතා ලෙස එම නාමය ඉදිරිපත් කර අවස්ථාවේ ආරාධිත අසුනක වාඩි වි සිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා නැගි සිට එහෙම නමක් නැහැ නිවේදක මහත්තයා බොරු නම් කියන්න එපා කියමින් වේදිකාවේ ආරාධිත අසුනෙන් නැගි සිට කෑ ගසන්නට විය.

එලෙස නිවේදකයාට බැන වැදුනු හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා වේදිකාවට නැග නිවේදකයාගෙන් මයික‍්‍රෆොනය ඉල්ලා ගෙන මෙසේ පැවසීය.

අරණායක පොදු ජන පෙරමුණේ සංවිධායක ඩබ්ලිව්. ජයරත්න නිවේදක මහත්තයා බොරු කතා කියනවා. මම මාවනැල්ලේ සංවිධායකවරයා නිසා මේ කතාව කියන්න ඔනෑ. මෙතන ගොන් පාට් දාන්න එපා.

පසුව මයික‍්‍රෆෝනය ගත් නිවේද මහතා මෙසේ පැවසීය.

මම වෘත්තිය නිවේදක ශිල්පයෙක් මට සංවිධායක මණ්ඩලය ලබා දුන් නම් ලැයිස්තුව තමයි ඉදිරිපත් කලේ යැයි පැවසිය.

කෙසේ වෙතත් වේදිකාවේ පොල් තෙල් පහන් දැල්විම සඳහා ආරාධිතයන් පැමිණ පසුවද අරණායක සංවිධායක පොදු ජන පෙරමුණේ සංවිධායක අපෙක්ෂක මහතාගේ ප‍්‍රශ්නය නැවත වතාවක් පළාත් සභා මන්ත‍්‍රීවරයා උණුසුම් කතා බහක් නිවේදක මහතා සමග ඇති කර ගත් අතර නැවත වතාවක් ඉදුනිල් මහතා විසින් නිවේදකයාගේ මයික‍්‍රෆොනය උදුරා ගනිමින් පැවසුයේ නිවේදක මහත්තයාට වැරදිලා අරණායක පොදු ජන පෙරමුණේ සංවිධායක ඉන්නේ ඩබ්ලිව් ජයරත්න මහත්තයා අදටත් එතුමා අරණායක පොදුජන පෙරමුණේ සංවිධායක ලෙස පවසා වේදිකාවෙන් බැස ගියාය.

අරණායක මෙ වන විට පොදුජන පෙරමුණේ සංවිධායකවරයා ලෙස අරණායක ප‍්‍රාදේශිය සභාවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු වන ඩබ්ලිව් ජයරත්න මහතා කටයුතු කරන අතර නමුත් එම ආසනයේ නව සංවිධායක තනතුරක් ලබා ගැනිමට කිහිප දෙනෙකුම උත්සාහ කරන අතර නිවේදකයා විසින් කියවන ලද නම සඳහන් යන අයද මිට මාස කිහිපයක සිටම එම ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත්වන්නට සුදානමක් ඇති බව පවසමින් ප‍්‍රදේශ කිහිපයකම ජනතාව දැනුවත් කර ඇත.

එදින සංගීත ප‍්‍රසංගයට ඔහු සහභාගි නොවුනද ඔහු විසින් සංගීත ප‍්‍රසංගය වෙනුවෙන් මුල්‍ය දායකත්වය ලබා දි තිබුණි. මෙම ගැටලූව ඇති වි ටික වේලාවකින් හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා වේදිකාවෙන් නික්ම ගිය අතර එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුයේ මෙ වන විට අරණායක වෙනුවෙන් කිසිදු සංවිධායකවරයෙක් අලූතෙන් පත් කර නොමැති බව තමා මාවනැල්ලේ සංවිධායකවරයා ලෙස එය වගකිමෙන් ප‍්‍රකාශ කර හැකි බවද පැවසීය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

71,303 Viewers

9 Comments to “නිවේදක නම වැරදුවැයි ඇමති පරල වේ.. වේදිකාවට පැන මයික‍්‍රෆෝනය උදුරාගෙන යකා නටයි..”

  1. මැදමුලනෙ මුත්තා says:

    පොදුජන එක්සත් පෙරමුණට සෙටිවෙලා ඉන්නව ඔල මොටිටලයො ටිකක්. මොකද පසුගිය පලාත්පාලන මැතිවරණයෙදි ශ්‍රීලංකා නිදහස් පක්ෂයට විකල්පයක් හැටියට මෙි පක්ෂය ඉතාමත් කඩිමුඩියේ ගොඩනැගු එකක්.
    නොමිනේෂන් දුන්නෙත් උන්ගෙ පසුබිම බලල නෙවෙයි. මහින්දට ආපු රැල්ලට මුං දිනුවා.
    වැඩිපුරම ඉන්නෙ කසිප්පුකා⁣රයො, බූරැකාරයො, කුඩුකාරයො, ස්ත්‍රී දූෂකයො. පස්හොරැ, වැලිහොරැ, ගල්කොරිකාරයො, කැලෑ පාළුවො.
    පොහොටිටුවට ආපු රැල්ලට මුං ආඩමිබර උනා.
    දැන් බහින කලාව.

    • පොරියා says:

      දැන් උන දේ උනා.මීට පස්සෙවත් ඔහොම නොවෙන්න මුන් ටික ගෙන්නල training එකක් දුන්නොත් නරකද.බැසිල් මහත්තයට ඔච්චර හැකියාවක් තියන එකේ ඕක අමරු වෙන්නෙ නැහැ.

    • අප්පුහාමි says:

      මේ 225ම වසලයන් බව අද ජනමතයයි…..වසලයන් 225න් කුමන වසලයෙක්ට හෝ සහය දැක්වීම ඔබද වසලයකු බවට පත් කීරීමට හේතු වේ.
      ඔබත් වසලයෙක්ද ??????? තීරණය ඔබ සතුයි.

      • පොරියා says:

        වසලයන් මිලියන 22ක් අතරින් වසලයන් 225 මොන විදියට තෙරුවත් එන්නේ වසලයන් 225ක් ම තමා.මේ වසල කම දේසපාලකයන්ට පමනක් නොව සමාජයේ සෑම තරා තිරමකම වෙලා ගෙන ඇත.

        • බයියා says:

          මෙන්න වසලයන් වෙනුවෙන් වසලයෙක්….කෝටි දෙකක ජනතාවක් තම වසලයන්ගේ ගොඩම දාගන්න හදනවා..

  2. ක්‍රිමිනල් says:

    බයියොනේ බන්.

  3. Asoka says:

    කිසිම විනයක් නොමැති රස්තියාදු කාර දේශපාලක හොරු. හරි හමන් විනයක් තිබුනානම් නිවෙදකයට කරුණ පහදලා දෙන්න තිබුනා. එහෙම කරානම් නිවෙදිකයා හරි සන්විදායකයා හරි මේ ගැන පසුව පැහැදිලි කිරීමක් කරනවා. අනෙක මේක රජයේ උත්සවයක් නෙමෙයිනේ. මෙය හුදෙක් පවුද්ගලික උත්සවයක්. නිවේදකයා කියලා තියෙන්නෙත් අපේක්ෂිත සංවිදායක කියලයි. නැතිව සංවිධායක කියලා නෙමෙයි. මම ජනාධිපති කම අපේක්ෂා කරනවානම් අපේක්ෂිත ජනාධිපති කියන්න පුළුවන්. මෙහෙම බුරුවො ඉන්නකම් රටක් ඉදිරියට යන්න බැහැ

Leave a Comment

Main News