නිශාන්ත සිල්වාට රට පනින්න ස්විස් තානාපති කාර්යාලයෙන් සහාය…

December 1, 2019 at 3:00 pm | lanka C news
නිශාන්ත සිල්වාට රට පනින්න ස්විස් තානාපති කාර්යාලයෙන් සහාය…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කන්දප්පා කටුනායක ගුවන්තොටුපොළට ඉකුත් 24දා දහවලේ පැමිණියේය. ඔහුගේ පැමිණීම ගුවන්තොටුපොළේ නිලධාරීන්ට අමුත්තක් නොවීය. ඒ ගුවන්තොටුපොළේ රාජකාරි කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි අංශය මෙන්ම ආගමන විගමන නිලධාරීන් ඔහු කවුදැයි හොඳටම දන්නා නිසාය.

නිශාන්ත සිල්වා කටුනායක ගුවන්තොටුපොළට පැමිණියේ රාජකාරි වැඩකට නොවන බව නිලධාරීන්ට තේරුණේ ඔහු විදෙස්ගත වීමට සිය N 6869850 දරන ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරීන්ට දිගු කළ විටය. ඔහු සමග ඔහුගේ දරු පවුලත් එහි විය. ඔහු එදින දවල් 12.05ට ස්විස්ටර්ලන්තයේ සූරිච් බලා යන අංක WK 0065 ගුවන් යානාවට ගොඩවන බව ඒ වන විටත් ගුවන්තොටුපොළ බලධාරීන් දැනගෙන සිටියහ. එහෙත් ඔවුන්ට අමුත්තක් නොවීය. ශ්‍රීලාංකේය පුරවැසියකු විදෙස් ගත වීම ගුවන්තොටුපොළ බලධාරීන් නතර කරන්නේ ඒ ගැන අධිකරණය මගින් ආගමන විගමන පාලකට ලිඛිත නියෝගයක් දී ඇති නම් පමණි. එහෙත් එවැනි නියෝගයක් නිශාන්ත ද සිල්වා කන්දප්පා එරෙහිව නොවීය. ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත්ව ඔහු ස්විස්ටර්ලන්තය බලා ගියේය. පොලිස් දෙපාර්තමේන්තුව ගිනි ගත්තේ ඔහු ස්විස්ටර්ලන්තයට ගොඩ බෑ විටය. නිශාන්ත ද සිල්වා කන්දප්පා විදෙස් ගත වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන නොවේ. හැරත් ඔහු එහි ගොස් ඇත්තේ තමන්ට ඇති තර්ජන ගැන පවසා දේශපාලන රැකවරණ ගනිමිනි.

ස්විස්ටර්ලන්තයට පනින්නට පෙර නිශාන්ත සිල්වා කන්දප්පා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුවට සේවා මාරුවක් ලැබ තිබුණි. ඔහු පමණක් නොව ඉකුත් ආණ්ඩුවට ඕනෑ විදියට පරීක්ෂණ කළ බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරටද ගාල්ලට හදිසි ස්ථාන මාරුවක් ලැබුණේය.

ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරී බී. තිසේරා, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට යන තුන්කට්ටුවට මෙම චෝදනා එල්ල වී තිබුණි. එබැවින් වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසම ඔවුන්ගේ ස්ථාන මාරුවීම්වලට අවසර ගත්තේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර තනතුරට පත් කෙරු‍ණේ බ්‍රහස්පතින්දා (21)ය. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් දැරූ තනතුරකට මෙම නිලධාරීයා පත් කිරීම සමාජයේ කතාබහට ලක්විය.

​ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර දක්ෂ රහස් පොලිස් විමර්ශන නිලධාරියකු බවට කියන්නට අටුවා ටීකා අවශ්‍ය නැත. නමුත් දේශපාලන වුවමනාකම් මත ඔවුන් පසුගිය සමයේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හා බුද්ධි අංශ නිලධාරීන්ව අපහසුතාවට පත් කරමින් විමර්ශන මෙහෙය වූ බව චෝදනා එල්ල විය.

රහස් පොලිසියේ බුද්ධි අංශ දඩයමේ විමර්ශන පිටස්තර බලවේගයකට වුවමනා පරිදි වූ බවට රහස් පොලිසියෙන්ම සාක්ෂි ඇත්තේය. මෙම විමර්ශන සිදුවෙද්දී සෑම දිනකම අරලියගහ මන්දිරයේ සිට ලැප්ටොප් පරිගණකයක් රැගෙන ආ පුද්ගලයකු ගැනද හෙළිවන්නේය. රහස් පොලිසියේ තොරතුරු ඔහු ඇමෙරිකාවේ පුරවැසිභාවයත් හිමි බව කියන මේ පුද්ගලයා බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලදී රහස් පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් තොරතුරු දත්ත ගබඩා කළ බව සඳහන්ය. ප්‍රකාශ ලබාදීම සඳහා හතරවන තට්ටුවට කැඳවන බුද්ධි නිලධාරීන්ගේ ජංගම දුරකථන ගේට්ටුවට භාරදී පැමිණි පසුව ඒවා හොර රහසේ උඩු මහලට ගෙන්වා ඒවායේ ඇති සියලු දත්ත පරිගණකවලට මෘදුකාංග මගින් පිටපත් කරන්නේද මොහු බව පැවසේ.

සියලු ප්‍රකාශ හා දුරකථන දත්ත ගබඩා කරගත් මොහු දිනපතා විමර්ශනවලට අදාළ තොරතුරුද දුන් බව කියවුණේය.

මෙවැනි කුමන්ත්‍රණ කළ ආකාරය නව රජය පත්වීමත් සමග ඔවුන් සමගම සිටි නිලධාරීන් පිටට හෙළි කරන්නට වීමත් සමග නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු නිලධාරීන් රටින් පනින කුමන්ත්‍රණයට සූදානම් වූහ. ඒ අනුව නිශාන්ත සිල්වා කන්දප්පා රහස් පොලිසියෙන් දුන් රාජකාරි පිස්තෝලය මෙන්ම ආරක්ෂකයන් දෙදෙනා හා ජීප් රථයද සිකුරාදාම රහස් ​පොලිසියට භාරදී නිවාඩු අනුමත කරගෙන තිබේ. ඔහුට නිවාඩු අනුමත කරදී පිස්තෝල භාරගනිද්දී ඔහු මීළඟට සූදානම් වන්නේ කුමකටද යන්න අපරාධ විමර්ශනයේ ප්‍රවීණයන් වන රහස් පොලිසියේ නිලධාරීන්ට නොතේරුණා සේ සිටියේ වෙන කිසිවක් නිසා නොව ලැදියාවත් සමග ගැටීමත් ඔවුන්ට ඇති නිසා බව පෙනේ. මේ අතරේ නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු කණ්ඩායම අධිකරණයට ඉදිරිපත් කෙරෙන බී වාර්තා ඇතුළු රහස්‍ය ලේඛන සියල්ල පිටපත් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එළියට ගිය බව පැවසේ. ඒ තොරතුරු අතරේ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට එරෙහිව පවරා ඇති නඩුවල තොරතුරු ඇතුළත් බව සඳහන්ය.

සියලු දෙනාගේ ඇස් කන් ඇරුණේ ඉරිදා දහවල් 12.05ට ස්විස්ටර්ලන්තයේ සුරිච් බලා පිටත් වූ WK0065 දරන ගුවන් යානයෙන් නිශාන්ත සිල්වා කන්දප්පා බිරිඳ හා දරු තිදෙනා සමග රටින් පැනගත් බව දැනගනිද්දීය. මේ පිළිබඳව ආරක්ෂක ​අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් විමසන විටත් ඒ ගැන වැඩබලන පොලිස්පතිවරයා දැන නොසිටි බව පැවසේ.

නිශාන්ත සිල්වා කන්දප්පාට කටුනායක ගුවන් තොටුපොළට යෑමට රාජ්‍ය තාන්ත්‍රික සහායක් ලද බව කියවෙන්නේය. තානාපති අංශයේ වාහනයකින් ඔහු ඇතුළු පවුලේ අය කටුනායකට ගිය බවටද සඳහන්ය.

මේ සියල්ල හෙළි කරගත හැක්කේ කටුනායක ගුවන් තොටුපොළේ සී.සී.ටී.වී. දර්ශන නිරීක්ෂණය කිරීමෙන්ය. ජාතික ආරක්ෂාව තකා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස රාජකාරි කළ සමයේ කටුනායක ගුවන් තොටුපොළේ පැය විසිහතර පුරා අවදියෙන් සිටින සීසීටීවී දර්ශන නිරීක්ෂණය කරන්නට ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කණ්ඩායමක් පත් කර තිබුණි. එහෙත් එම ඒකකය යහපාලන රජය ආ විගස විසුරුවා හැරියේ ගුවන් තොටුපොළ ආරක්ෂාව ගැනවත් නොසිතාය. කෙසේ නමුදු ගුවන්තොටුපොළේ සීසීටීවී දත්ත මගින් නිශාන්ත සිල්වා කන්දප්පා ගුවන්තොටුපොළට රැගෙන ආ අයගේ සිට සියල්ල සොයාගන්නට හැකියාව තවමත් ඇත.

නිශාන්ත සිල්වා කන්දප්පාට රටින් පනින්නට ස්විස් තානාපති කාර්යාලයේ මැදිහත්වීමක් සිදුවූ බවට සනාථ කළ හැකි සාධක දැන් එළිවෙමින් ඇත. රජයේ නිලධාරියකුට රටින් පිටවීමට තානාපති කාර්යාලයකින් වීසා අයැදුම් කිරීමේදී නිවාඩු අනුමත කර තිබිය යුතුය. පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්ගේ අනුමැතිය මත එම නිවාඩු ලබා සිටිය යුතුය.

ස්විස් තානාපති කාර්යාලය මේ සියලු දේ පසුපස සිටි බවට පැහැදිලි වන්නේ නිශාන්ත සිල්වාට රට පැනීමට පහසුකම් සලසා දුන් පසුව ශ්‍රී ලංකා රජයට ගෙන ආ චෝදනාව නිසාය. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක නාඳුනන කණ්ඩායමක් රඳවාගෙන තර්ජනය කළ බවට වෙබ් අඩවියක වාර්තා පදනම් කරගෙන ස්විස් තානාපති කාර්යාලය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය.

​මේ අනුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය රහස් පොලිසියට විමර්ශන භාරදුන්නද පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීන් මෙම බ්‍රහස්පතින්දා (28) ස්විස් තානාපති කාර්යාලයට ගියද කිසිදු ​තොරතුරක් හෝ පැමිණිල්ලක් ලබා නොදී පරීක්ෂණවලින් ලිස්සා යමින් තිබුණේය.

ස්විස් තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ජිනීවා මීළඟ මානව හිමිකම් සමුළුව හමුවේ රටේ බුද්ධි අංශ පාවාදෙන අලුත් කොන්ත්‍රාත්තුවක් සඳහා එඩ්‍රියන් නිශාන්ත සිල්වා කන්දප්පා රටින් පැන්නූ බවටද චෝදනාවක් එල්ල වී තිබේ.

– aruna

57,222 Viewers

8 Comments to “නිශාන්ත සිල්වාට රට පනින්න ස්විස් තානාපති කාර්යාලයෙන් සහාය…”

  1. Nariya says:

    thank you to the 6900000 people for change the system .

  2. SL says:

    first do a transparent investigation immediately .expel swiss embassodor immdiately after the investigation

  3. SL says:

    first do a transparent investigation immediately and quickly .expel swiss embassodor immdiately after the investigation.

  4. Saman says:

    Pls idiots published this in English no need this things in sinhala

  5. malraj says:

    thanks for the 6900000.00 laks peoples..

  6. Edmond says:

    He is not Nishantha Silva, but Adrian Kandappa, a tiger supporter.

  7. රජින්ද says:

    කලින් පාරත් අතන වැරදියි, මෙතන වරදයි කිව්වා මිසක් කිසිම දෙයක් ප්‍රසිද්ධ කලේවත් ලෝකයට අනාවරණය කලේවත් නැති නිසයි මිනිස්සු කුකුසකින් ආණ්ඩුව දිහා බැලුවේ. ඒ නිසා සත්‍ය ලෝකයා හමුවේ නොපමාව තබන්න. විදෙස් මාධ්‍යද ගෙන්වා විනිවිද භාවයකින් වෙලා තියෙන දේ පෙන්වන්න. මේ දේ එකම එක පාරක් ලෝකයාට ඔප්පු කලොත් ඉන් එහා මොන අවලාද මඩ ගැහුවත් ඒවා ගැන කාටවත් වැදගත් වෙන එකක් නැහැ. විදෙස් කුමන්ත්‍රණ පරදවන්න ඔවුන්ගේම ක්‍රමය යොදා ගන්න.!

  8. JANAKA says:

    ඔන්න බලන්න ඊළඟට පනින්නේ බොරැල්ලේ වංචා විමර්ශනේ හිටපු අද්‍යක්ෂ දැන් මුලස්තානේ ඉන්න SP රොහාන් ප්‍රේමරත්න කියන වනචරයයි. මු දැනටම ඔක්කොම HR ෆයිල් කොපි කරලා

Leave a Comment

Main News