නිිරිත දිග වැසි යලි සක‍්‍රීය වේ.. ආපදා ඒකක සක‍්‍රීය කෙරේ.. සුළි සුළගක් එයිද..

June 23, 2017 at 8:02 am | lanka C news
නිිරිත දිග වැසි යලි සක‍්‍රීය වේ.. ආපදා ඒකක සක‍්‍රීය කෙරේ.. සුළි සුළගක් එයිද..

නිරිත දිග මෝසම් වර්ෂාව අද දිනයේ සිට වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය වැකි බවටද දෙපාර්තුමේන්තුව කියා සිටී.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවට සුළි කුණාටුවක් එන්නේ යයි කියන කතාවන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයිද පවසන දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසද දන්වයි.

මේ වන විටත් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය අදාල සියළු දිස්ත‍්‍රික්කවල ආපදා ඒකකයන් සක‍්‍රිය තත්වයේ තැබීමට කටයුතු කර ඇති අතර නාය යාම් අවදානම ඇති ප‍්‍රදේශයන්හි ජනතව දැනුවත් කර ඇත.

173 views