නීතිඥ සංගමයේ ඉල්ලිම මත විනිසුරු පත්කලා-ජනාධිපති… කිසිඳු ඉල්ලීමක් කලේ නෑ-ශ්‍රී ලංකා නීතිඥ සංගමය

February 17, 2017 at 3:40 am | lanka C news
නීතිඥ සංගමයේ ඉල්ලිම මත විනිසුරු පත්කලා-ජනාධිපති…  කිසිඳු ඉල්ලීමක් කලේ නෑ-ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමක් මෙන්ම එහි නිලධාරින් ජනාධිපතිවරයා මුණගැසී කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මඩකලපුව අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස සේවය කල රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහෙත් 2017.02.06 දින ලේකම්,අධිකරණ සේවා සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ (03) කරුණ ලෙස එම සංගමය පෙන්වා දී ඇත්තේ.”ශ්‍රී ලංකා නීතීඥ සංගමය රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කරන ලෙසට කිසිදු ඉල්ලීමක් ඔබතුමා වෙත හෝ ගරු අග්‍ර විනිශ්චයකාරතුමා වෙත සිදු කර නොමැති බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම්වරයා විසින් දැනටමත් තහවුරු කර ඇති බැවින්, මෙම පත්වීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීම මත සිදු කළේ යැයි යමෙකු ප්‍රකාශ කරයි නම්, එය අසත්‍ය වීම.” යන්නයි.

තවද එම ලිපියේ 2 කරුණ හැටියට එම සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ (02) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන පරිදි රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමට යම් දේශපාලන පක්ෂයක් මගින් ඉල්ලීම් කර තිබුනේ නම්, එයින් ගම්‍ය වන්නේ, දේශපාලන අවශ්‍යතා මත මෙම පත්වීම සිදු කළ බවයි. ඒ අනුව, එවැනි දේශපාලන සම්බන්ධතාවයන් පවතින තැනැත්තෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල වීම. යන්නයි.

පෙර පුවත මෙතනින්

37 views
Main News