නීතිපතිට උඩින් ජනාධිපතිගෙන් නියෝගයක්.. විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම නවතී..

January 24, 2020 at 10:32 pm | lanka C news
නීතිපතිට උඩින් ජනාධිපතිගෙන් නියෝගයක්.. විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම නවතී..

මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි අද පාර්ලිමේන්තුවේදී හෙලි විය.

ජාතික නිදහස් පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

යම් හෙයකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ නම් එය මෙරට අධිකරණ ක්ෂේත්‍රයට බරපතළ වියවුලක් ඇති කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

නීතිපතිවරයා නියෝග කර තිබුනේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිප්ත කරන ලෙසයි.

72,394 Viewers

22 Comments to “නීතිපතිට උඩින් ජනාධිපතිගෙන් නියෝගයක්.. විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම නවතී..”

  1. Open mind says:

    නීතිපති රැඟුම් මාස 5/6කට කලින් අප දුටුවා. ලැජ්ජයි අපට. ඌට නැතුවට.

    • මාතර සුනිල් says:

      ලැජ්ජනම් උඹ අහක බලාගනින්!

    • මේ ජනාධිපති නීතිපතිට උඩින් ඉඳන් කරන්නෙ නීතියට අතපෙවීම නෙවෙයිද?

      • බන්ඩය්යා says:

        නීතිපති පක්ෂග්‍රාහී ද?

        උසාවියේ නඩු ගැන රන්ජන් සමග සාකච්චා කලා යය් හෙලි වී ඇති විනිසුරැවන් තිදෙනාගෙන් රන්ජන්ට අවශ්‍ය තීන්දු නොදුන් සහ රන්ජන්ට විරැද්ධව පැමිනිළි කල පිලපිටිය විනිසුරැ අත් අඩංගුවට ගන්නත් රන්ජන්ට අවශ්‍ය තීන්දු දුන් සහ රන්ජන්ගෙන් උසස් වීමනට උපකාර ඉල්ලූ රණවක විනිසුරැවරිය අත් අඩංගුවට නොගැනීමත් නීතිපති දප්පුලගේ පක්ෂග්‍රාහී දඩයමක ලකුනු බව මට නම් පැහැදිලිය්.

        • එතකොට රංජන් අත්අඩංගුවට ගත්ත එක?

        • Jude says:

          රන්ජන්ට විරැද්ධව පැමිනිළි කල පිලපිටිය විනිසුරැ අත් අඩංගුවට ගන්න. Because he made this after everything happended. This bugger try to escape by doing that. Correct way should be make an entry at that time not now….

  2. Jana says:

    Well this particular solicitor general was performing well during the Bond scam issue. Without Yasantha Kodagoda who really contributed the presentation regarding RW ‘s robbing central bank, this fellow must have sold his reputation as well as the legal system to UNP for money. I can’t find any other explanation to this.

  3. AJ says:

    Mr President. Donot forget the memo you sent to the police a couple of days ago. තනතුරු නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න.. We need your explanation?

    • john says:

      So where is your explanation on why solicitor is issuing arrest instruction on a person who had complained on the matter?? And why solicitor did not issue arrest instructions for other 2 judges who had evidence in video of same claim? It is possible the Solicitor acts for money or faith to his political view. That is where the President can intervene. In the past also it happened by President was sleeping.

    • Dehiwala kollaa says:

      ඉතින් මනුස්සයෝ මේ එකනෙ කරන්නේ. – රනවක හෙරව අල්ලන්නෙ නැතුව රංජන් ගැන පමිණිලි කල පිලිපිටිය ව අල්ලන යන එක වැලැක් වීම .

  4. බන්ඩා says:

    NGO පප්පලා සහ බටහිරයන් වෙනුවෙන් රනිලා 19 න් මුලු රටම අංජ බජල් කරලා.

    • හෙලයා says:

      ඇත්ත 19 න් බලය මවාගත් නීතිපති ජනපති අගමැති කතානායකට සහ උසාවියට අමතරව තවත් බල කේන්දයක් වෙන්න හදනවා.

      • සිංහල බන්ඩා 1 says:

        එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයෙදි ගෝඨාට 2/3 දී 19 අහෝසි කර රට ස්ථාවර කර ගමු.

        • 19න් නීතිපතිට අමුතුවෙන් මොකුත් දිල නෑ. ඩප්පුලයා මෙතන රඟන එකයි වෙල⁣ා තියෙන්නෙ. අනික තනිපුද්ගලයෙකුට බලය දුන්නම වෙනදේ අපි මහින්ද ආණ්ඩුවෙදි දැක්කා. ඒ වගේම 2/3 කිසිම පක්ෂයකට නොදිය යුතුයි. විපක්ෂෙ ශක්තිමත් නොවුනොත් ආණ්ඩුව පිස්සු නටනවා. දැනටම රටේ ඉඩම් පිටරටට විකිනිල්ල පටන් අරන්. පඩි දීමනා අතිකාල කපල, බඩු ගිණිගනන්. මේ ආණ්ඩුවට 2/3 දෙන්න ඕන ඇයි?

  5. Parakum says:

    Thappulana Gona, SIRAS choice, what a BUM decision.

  6. නීතිපති අල්ලනව ඇල්ලිල්ලක් රෙදි උස්සලා නෙවෙයි, රෙදි ගලවලාම දාලා. සරත්නන්ද සිල්වගෙ නීතිපති වර්ෂන් එක.

  7. Sumathi pala says:

    Now in Sri Lanka, Juriciary & Political are like a LABBE THOILE. .Where is ONE LAW FOR WHOLE COUNTRY. When our Bath kana mee haraak can understand this ..

  8. ලොලිපොප් මොංගල් says:

    පැමිණිලි කරපු පිලපිටිය අත්අඩංගුවට. පැමිණිල්ල විභාග නොකළ අධිකරණ සේවා කොමිසමට මොකද කරන්නෙ. උසස් වීම් ඉල්ලපු, රෑ 1100වෙනකම් උසාවි ඇරගෙන හිටපු අය සැපට ගෙදර. මේකට කියන්නේ අම්මගේ නීතිය.

  9. abu Bakar says:

    ජනාධිපති නීතිපතිට උඩින් ඉඳන් කරන්නෙ නීතියට අතපෙවීම නෙවෙයිද?

Main News