නීතිපතිට වාහනයක් ගන්න දෙකෝටි විසිපන්ලක්‍ෂයක පරිපූරක ඇස්තමේන්තුවක්…

January 24, 2018 at 4:40 pm | lanka C news
නීතිපතිට වාහනයක් ගන්න දෙකෝටි විසිපන්ලක්‍ෂයක පරිපූරක ඇස්තමේන්තුවක්…

නීතිපතිවරයා වෙනුවෙන් වාහනයක් මිලදී ගැනීම සදහා රුපියල් දෙකෝටි විසිපන් ලක්‍ෂයක් අනුමත කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් වී ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලකයි.

පරිපූරක ඇස්තමේන්තුවේ දැක්වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සදහා වන මූලධන වියදම් ලෙස මෙම ප‍්‍රතිපාදන වෙන් කරන බවයි.

145 views

12 Comments to “නීතිපතිට වාහනයක් ගන්න දෙකෝටි විසිපන්ලක්‍ෂයක පරිපූරක ඇස්තමේන්තුවක්…”

  1. Nandasoma Suriyaarachchi says:

    අනේ මට නම් පේන්නේ නීතිපති තුමා විතරක් නොවේ, තව බොහෝ ඉහල අදිකරන නීති වේදීන් තමන් සිතූ,නොපැතූ පහසුකම් ලඟදීම ලබා ගනීවී. බැදුම්කරේට මොනවා වේවිද කියල හිතන්න වත් බෑ.

    රන්ජන් රාමනායක කියන කථාවෙ ඇත්තක් තියෙවන නේද?

Main News