නීතිපති අගමැති මැදුරට කැදවයි.. රාජපක්‍ෂලාට නඩු ඉක්මන් කරන්නැයි බලපෑම් කරයි.. නීතිපති නිලධාරීන් තොගයක් සේවයෙන් අස්වෙති..

August 19, 2017 at 3:26 am | lanka C news
නීතිපති අගමැති මැදුරට කැදවයි.. රාජපක්‍ෂලාට නඩු ඉක්මන් කරන්නැයි බලපෑම් කරයි.. නීතිපති නිලධාරීන් තොගයක් සේවයෙන් අස්වෙති..

ඉකුත් බදාදා දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අරලිගහ මන්දිරයට නීතිපතිවරයා කැදවා තිබේ.

රාජිත සේනාරත්න, අජිත් පී පෙරේරා සහ තවත් පසුපෙල මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු එම අවස්ථාවට සම්බන්ධ වී ඇත.

රාජපක්‍ෂ පවුලට මෙන්ම ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුනට අදාල ලිපිගොනු සදහා හැකි ඉක්මනින් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස එහිදී ඔවුන් විසින් නිතිපතිවරයාට දැඩිව බලපෑම් කර ඇතැයිද වාර්තා පල වෙයි.

කෙසේ වෙතත් නීතිවරයා එසේ කටයුතු කිරීමට ඇති නීතිමය ගැටළු හා අදාල ලිපිගොනුවල තත්වය ගැන කරුණු පැහැදිලි කර ඇතත් ඒවා පිලි නොගන දැඩි බලපෑම් එල්ල කර ඇති බවද සදහන්ය.

මේ තත්වය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනෙකු පමණ රැුකියාලින් ඉවත් වී වෙනත් රැකියාවලට ගොස් ඇති අතර තවත් පිරිසක් සේවයෙන් ඉවත් වීමට සූදානමින් සිටිතැයිද පැවසෙයි.

61 views

14 Comments to “නීතිපති අගමැති මැදුරට කැදවයි.. රාජපක්‍ෂලාට නඩු ඉක්මන් කරන්නැයි බලපෑම් කරයි.. නීතිපති නිලධාරීන් තොගයක් සේවයෙන් අස්වෙති..”

  1. SuMa says:

    මේ ආණ්ඩුව පත්වෙච්ච ගමන් කලේ නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව මොහාන් පීරිස් ව තර්ජනය කර සේවයට පැමිණිය නොහැකිවනසේ කටයුතු කිරීමයි. එකෙ නියමුවා තමයි උපුල් ජයසූරිය, BOI chairman කම හම්බවුනේ මේ කොන්ත්‍රාත් එකට. දැන් හොයාගන්නත් නෑ.

  2. hitan gedara appuhami says:

    මේ සම්බන්දයෙන් අගමැති තුමා ප්‍රකාශයක් කල යුතුයි.එවැනි කැදවීමක් හෝ නීතිපතිවරයාට බලපෑමක් කිසියම් හෝ කෙනෙකු කර ඇත්නම් ඔහු වහාම තම දැනට දරන තනතුරෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් විය යුතුය.
    මේ සම්බන්දව JO වහාම සොයා බැලිය යුතුයි.

  3. Loku Banda says:

    Where is that 2015 January 8th by mandate of Million 6.2 that MS New UNP leader, Ranil wicks of Old UNP leader and CBK of Federalist leaders promised for Rule of Law?
    What is right UNP having summons Attorney General to Temple Trees ?
    Is that shows UNP are NOT that respects independent of law and courts of an Island?

  4. minimuthu says:

    while going through such ruthless , incapable and inapplicable incidents by the prime minister, why no one is pressurizing him to resign? He is no more Mr. Clean! ,Who crowned him with that name?, Ridiculous.

Main News