නීතිපති ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට..

September 21, 2017 at 2:10 pm | lanka C news
නීතිපති ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

පසුගිය සති අන්තයේ අපි අනාවැකි හතරක් පල කළා.  ඒ තමයි 1) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසි වන සංශෝධනය ජනමත විමසුමකට යොමු කරන බව 2) ආණ්ඩුව විසි වන සංශෝධනය විවාදයෙන් ඉවත් කර ගන්නා බව 3) ඒ වෙනුවට පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත විවාදයට ගන්න බව 4) පළාත් සභා මැතිවරණය කල් දැමීමේ අරමුණින් ඒ පනත මැදට කොට්ඨාශ ක්‍රමය රිංගා වන බව.

ඊයේ වන විට අපේ අනාවැකි හතරම සැබෑ වෙලා.  විසි වන ව්‍යවස්ථාව හරහා ඡන්දය කල් දමා ගන්න බෑ කියලා තේරුණාම පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත ඉදිරියට ගත්තා.  ඒක තිබෙන්නේ කාන්තා අවම නියෝජනය 30% බවට සහතික කිරීම.  අපි අනාවැකි පල කළ අයුරින්ම ඒක ඇතුලට කොට්ඨාශ ක්‍රමය රිංගෙව්වා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 (1) වගන්තියට අනුව  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සෑම පනත් කෙටුම්පතක්ම ඊට අවම වශයෙන් සති දෙකකට පෙර ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතුයි.  එහෙම කරන්නේ අරමුණු දෙකකට.  එකක් ඒ නීතිය පිළිබඳ ජනතාවට තමන්ගේ අදහස් දක්වන්න අවස්ථාවක් ලබා දීම.  දෙක එකී කෙටුම්පත ව්‍යවස්ථා විරෝධි නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීම.

නමුත් යම් නීතියක් ගැසට් මගින් ප්‍රසිද්ධ නොකර පාර්ලිමේන්තුවේ විවාද කරන පනතක් ඇතුලතට රිංගුවාම ජනතාවට අර අවස්ථාවන් දෙක අහිමි වෙනවා.  ඒ නිසා කිසිම ආණ්ඩුවක් එවැනි ව්‍යවස්ථා විරෝධි දෙයක් කලේ නෑ.  ලංකා ඉතිහාසයේ මුල්ම වරට විවාද වන කෙටුම්පතක් මැදට අළුත් කරුණක් ඔබන්නේ 2017 අගෝස්තු 24 දින.  විවාදය කලේ පළාත්පාලන මැතිවරණ (සංශෝධන) පනත.  හදිසියේම ආණ්ඩුවේ ක්ෂේත්‍ර නිළධාරින්ට මැතිවරණයට තරග කිරීම තහනම් කරන විධිවිධානයක් අර පනතට ඇතුලට ඔබනවා.  ඒ හරහා අගතියට පත් පාර්ශවයන්ට උසාවි යෑමේ අවස්ථාව අහිමි කරනවා.

ඊයේ පාර්ලිමේන්තුවේ දී කාන්තා නියෝජනය කතා කරන කෙටුම්පතට කොට්ඨාශ ක්‍රමය රිංගා වීමෙන් දෙවැනි වරටත් ඒ වැරැද්ද කළා.  ආණ්ඩුවක් මේ සටකපට කම කරාවි කියන සැකයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂාවක් දාලා තිබෙනවා.  ඒ තමයි 77(2) වගන්තිය.  සෑම සංශෝධනයක් පිළිබඳවම ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ නීතිපති සිය මතය කතානායකට දන්වන්න ඕනෑ.

මේ අවස්ථා දෙකේ දීම ඒ සංශෝධන ව්‍යවස්ථාවට එකඟයි කියලා නීතිපති දැනුම් දුන්නා.  ඇත්තෙන්ම ආණ්ඩුවේ නීති උපදේශක වෙන්න ඕනෑ නීතිපති එජාපයේ නීති උපදේශක වෙලා.  නීතිපති තනතුරේ ස්වාධීන්තවය වැදගත් නිසා නීතිපති සහ පොලිස්පති තනතුරු වලින් පුද්ගලයින් ඉවත් කිරීම පිළිබඳ විශේෂ පනතක් තිබෙනවා.  ඒ තමයි 2005 අංක 5 දරණ නිළධාරින් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටි) පනත.  ඒ පනත අනුව නීතිපතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

41 views

4 Comments to “නීතිපති ඉවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට..”

  1. daham says:

    jayawewa. me deval kala yuthumayi. janathawa athara mathayak thiyenawa ekabadhdha vipakshaya aanduwe satakapata wada walata erehiva nisi kriya marga gannawa madi kiyala.

  2. Nuwan says:

    ආණ්ඩුවෙ මර්ධනයට එරෙහිව ඒකාබද්ධය මේතාක් කළ දෙයක් නැත
    ඹහේ කියව කියවා ඉන්නවා ජනතාවට මේකත් ටික වික එපා වීමට හේතුවක් වෙනවා

  3. dunu says:

    Ado, tho dan sastharakiyanawada? You r trying to be replaced Abeygu… Before everything be ready to spend ur time in the jail, bloody rouge.

  4. හෙළයා says:

    ගම්මන්පිල මහත්තයෝ, ඔබතුමා සහ වීරවංශ මැතිතුමා වගේ අනිත් අයත් නිර්මාණශීලීව වැඩ කරනවා නම් දැනටමත් මේ ආණ්ඩුව වැටිලා. හැබැයි ඒකාබ්ද්ධ විපක්ෂය පීඩනය උච්ච වෙන්න කලින් වැඩේ අත් හරිනවා.

    නීතිපති සහ පොලිස්පති ආණ්ඩුවට කඩේ යන එක නතර කලොත් රටම ගොඩ

Main News