නීතිපති උපදෙස් ලැබෙයි.. ගෝටාභය මේ සතියේ අත්අඩංගුවට..

November 27, 2017 at 11:20 am | lanka C news
නීතිපති උපදෙස් ලැබෙයි.. ගෝටාභය මේ සතියේ අත්අඩංගුවට..

ගෝටාභය රාජපක්‍ෂ මෙම සතිය තුල අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව මේජර් අජිත් ප‍්‍රසන්න මහතා කොළඹදී පැවති මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මේ වන විටත් ඒ සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව මේ සතියේ දිනෙක පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨශායෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කැදවනු ඇතැයිද ඉන් පසු අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිත් කරනු ඇතැයිද ඔහු සදහන් කලේය.

103 views

17 Comments to “නීතිපති උපදෙස් ලැබෙයි.. ගෝටාභය මේ සතියේ අත්අඩංගුවට..”

  1. Gemunu says:

    ලපය ඇතුලු සැම දෙනාගෙම දැන ගැනීම පිනිසයි. අපි කවදත් කඩේ ගියේ රට වෙනුවෙන්. හැම රණ විරුවෙක් ගැනම අපිට ගෙෘරවයක් තියෙනව. තමන්ගෙ දේශපාලන මතවාදයට විරුද්ද රණවිරුවන් දඩයම් කිරීම පටන් ගත්තෙ කවුද කියල හොඳින් හිතල බලන්න. තල වැපුරුවොත් තල ලැබෙයි. උඳු වපුරා තල ලබාගත නොහැක.

  2. සුපුන් says:

    බ්‍රිතාන්‍ය විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑන්ඩ්, ෆ්‍රංශ විදේශ ඇමති
    කඋෂ්නර් ශ්‍රී ලංකාවට පැමින යුද්ධය නතර නොකලොත් විදුලි
    පුටුව යෑමට සිදුවන බවට තර්ජනය කර තිබියදීත්, එම තර්ජන
    තුට්ටුවකට මායිම නොකර ක්‍රියාන්විතය දිගටම ගෙනයාමට උපදෙස්
    දුන්, එම ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු ද්‍රව්‍යමය
    සහ පිරිස් බල ආධාර අඛණ්ඩව සැපයූ ගෝඨාභය රාජපක්ෂ
    විරුවන්ට අත නොතබනු!