නීතිපති උපදෙස් ලැබෙයි.. ගෝටාභය මේ සතියේ අත්අඩංගුවට..

November 27, 2017 at 11:20 am | lanka C news
නීතිපති උපදෙස් ලැබෙයි.. ගෝටාභය මේ සතියේ අත්අඩංගුවට..

ගෝටාභය රාජපක්‍ෂ මෙම සතිය තුල අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව මේජර් අජිත් ප‍්‍රසන්න මහතා කොළඹදී පැවති මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මේ වන විටත් ඒ සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව මේ සතියේ දිනෙක පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨශායෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කැදවනු ඇතැයිද ඉන් පසු අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිත් කරනු ඇතැයිද ඔහු සදහන් කලේය.

158 views
Main News