නීතිපති නිර්දේශ නොතකා නාවික හමුදා ලොක්කෙක් අත්අඩංගුවට ගන්න යයි..

July 12, 2017 at 3:00 pm | lanka C news
නීතිපති නිර්දේශ නොතකා නාවික හමුදා ලොක්කෙක් අත්අඩංගුවට ගන්න යයි..

නාවුක හමුදාවේ උසස් නිලධාරියෙක් වන ඞී.කේ.පී. දසනායක අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් නාවික හමුදා රෝහල වෙත් ගොස් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි. මෙම නිලධාරියාට අදාල චෝදනා වන්නේ යුද සමයේ කොටි සාමාජිකයින් දස දෙනෙකු යයි සැක කරන පුද්ගලයින් අතුරුදහන් වීමයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු යවා ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවේ මතය ලෙස අදාල කිසිවෙකු මෙම චෝදනා මත අත්අඩංගුවට ගත නොහැකි බව සටහන් කර ඇතැයිද සදහන්ය. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය නොසලකමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට යන්නේ යයිද වාර්තාවල වැඩි දුරටත් දැක්වෙයි.

යුද සමයේදී ත‍්‍රිකුණාමලේ සිට කොළඹ මාළු ප‍්‍රවාහනය කරන ශීතාගාර ලොරියක බෝම්බ ප‍්‍රවාහනය නිරීම සම්බන්ධයෙන් සැක පිට එම ලොරියේ සිටි පුද්ගලයින් ඇතුළු තවත් පුද්ගලයටින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පුද්ගලයින් අතුරැුදහන් වූයේ යයි නාවික හමුදා නිලධාරියා ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී ඇතැයිද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

ඞී.කේ.පී. දසනායක යනු යුද සමයේ නාවුක හමුදා මාධ්‍ය ප‍්‍රකාශකයා මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (නාවුක මෙහෙයුම්), විශේෂ යාත‍්‍රා බලඝණය හා නාවික හමුදා විශේෂ බලඝණයේ අධ්‍යක්‍ෂක ලෙසද රාජකාරි කල අයෙකි.

94 views