නීතිපති පොලිස්පති ගැටුම දුරදිග යයි…

February 13, 2020 at 9:20 am | lanka C news
නීතිපති පොලිස්පති ගැටුම දුරදිග යයි…

අධිකරණය ඉදිරියේ පැවැත්වෙන කිසිදු නඩු කටයුත්තක් නතර කිරීමට තමාට කිසිදු බලයක් නොමැති බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින් නීතිපති දප්පුල ද ලිවේරා වැඩිදුරටත් පවසා ඇත්තේ විධායකයටද එවැනි නියෝග නිකුත් කිරීමේ බලයක් නොමැති බවයි.

වැඩබලන පොලිස්පතිවරයා විසින් 2020 පෙබරවාරි මස 2 වැනිදා නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ ‘රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව පවත්වාගෙන යනු ලබන හා අවසන් කරන ලද සියලුම විමර්ශන ගොනු මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) සහ විශේෂ විමර්ශන ඒකකය (SIU) සිදුකරනු ලැබූ සහ දැනටමත් සිදුකරමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් අදාළ එක් එක් ගොනුව පිළිබඳව කරුණු අධ්‍යයනය කරන ලද බවයි.

එම විමර්ශන සම්බන්ධ ගොනු අදාළ විශේෂ කමිටුව වෙත භාරදීමට ප්‍රථම නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත යුතු බවට විමර්ශන සිදුකළ පොලිස් ඒකකය වෙත වෙත තමා දැනුම් දුන් බවද වැඩබලන පොලිස්පතිවරයා පවසා තිබේ. අදාළ විමර්ශනවලදී වැඩ තහනමට ලක්ව ඇති හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක (සේවය හැරගිය) නිශාන්ත ද සිල්වා සිදුකළ විමර්ශන පක්ෂග්‍රාහීව සිදුකර ඇති බව කරුණු අනාවරණය වී ඇතැයිද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර ඇත.

එවැනි පක්ෂග්‍රාහී ක්‍රියා හේතුවෙන් වින්දිත පාර්ශ්ව හෝ චූදිත පාර්ශ්ව අගතියට පත්වීම වැළැක්විය නොහැකි බවද පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය සලකා බලා අගතියදායක ලෙස සිදුව ඇතැයි පෙනෙන නඩු තාවකාලිකව වසා දමන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාට යෝජනා කර ඇත.

මෙම ලිපියට පිළිතුරු ලබාදෙමින් නීතිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ අධිකරණය ඉදිරියේ විභාග වන නඩුවක් නතර කිරීම සඳහා නියෝග නිකුත් කිරීමට තමාට බලයක් නොමැති බවයි. එසේම විමර්ශන කොමිෂන් සභා යටතේ (2018 අංක 16 යටතේ සංශෝධිත) එවැනි නියෝගයක් නීතිපතිවරයා වෙත නිකුත් කිරීමට අදාළ කොමිසමට බලයක් නොමැති බවද නීතිපතිවරයා පෙන්වා දී ඇත.

– aruna

53,818 Viewers

7 Comments to “නීතිපති පොලිස්පති ගැටුම දුරදිග යයි…”

  1. Sam Fernando says:

    Who is behind the IGP ? Why is he trying to stop cases against Punitha and Hemasiri ? What people expected from this government is different.

  2. Alapaluwa says:

    පොලිස්පතිවරයා කෙසේද කියන්නේ පැවතෙමින් තිබෙන දුෂ්‍ය නඩු තාවකාලිකව නතරකරන්න කියා ඔවුට එසේකිමට කිසිසේත් අදාළ නැත.නීතිපතිවරයා යනු අපිදන්නා රටවල(DPP) Director Public Prosecutor Or (AG) Attorney General යන මේ දේදෙනාට පොලිස්පතිවරයෙකුට ඉහළින් යාමට බැරියා.සෙවීමට යුතේ තවමත් පසුගිය කාලයේ GUNP එකේ නටපු හොල්මන්වල අවතාර ඉතිරිවෙලා තිබෙන බවයි එමනිසා මේ සියලුම විමර්ෂණ හරියට කිරීමට මේ හොල්මන් අවතාර මුලිණුපුටා දැමිය යුතුයි යන මගේ හැඟීම!!

  3. මොරට්වේ ගෝඩනේගිලි සැලසුම් අනුමතා කරණ නගර සබාව රජයේ නිලදාරීන් ජනතවාගන් විසාලා ලෙසා පාගා ගන්නවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මතයි.

    ජනතාවගෙන් චෝදනා එල්ල වන ආයතන බොහෝ ප්‍රමාණයකට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර බුද්ධි නිලධාරීන් යෙදවීමට නියමිතය.

    සැම නගර සබාවක් ලග ඉන්න අල්ලස් කාක්කෝ ටික සෝදිසි කල යුතුය

  4. Sihala yaka says:

    Police should produce these facts to respected courts and tell their submissions (done by Shani ..) were wrong .

  5. Nandasoma Suriyaarachchi says:

    උසාවිය නඩු පවත්වගෙන යන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත නෙවෙයිද…..?

    දප්පුලට පුලුවන්, දහස් ගණන් චෝදනා ගොනු කරල, තමන්ට අව්‍යශ අයට විරුද්ධව නඩු පවරන්න විතරද…??

  6. catseye says:

    mokada me neethi pathi ge konde ……..ammapa wagakiwayuthu ihala nilayaka inna manussayek aduma tharame hariyakata konde wath piragena hitiyanam neda watinne

  7. David Milli-banda says:

    No cowing down to political interference………………… Go ahead Dappula………………………

Main News