නීතියට පස්ස පෙන්වමින් ‘එළුග තමිල්’ තව තවත් පුළුල් කෙරේ..

October 2, 2016 at 11:20 am | lanka C news
නීතියට පස්ස පෙන්වමින් ‘එළුග තමිල්’ තව තවත් පුළුල් කෙරේ..

මෑතකදී යාපනයේදී පැවැත්වූ ‘එළුග තමිල්’ විරෝධතා ව්‍යාපාරයන් ඉදිරියේදී තව තවත් පුළුල් කිරීමට තීරණය කර ඇති බව ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පවසයි.

ඒ අනුව ඉදරියේදී විදෙස් රටවලද මෙම විරෝධතා පවත්වන බවත් ඒවා සංවිධානය කරනු ලබන්නේ කැනඩාව ඇතුළු විදෙස් රටවල සිටින දෙමළ ජනතාව සමග එක්ව බවද ඔහු කියයි.

ඔහු තව දුරටත් කියා සිටියේ දමිල ජනතා සාධාරණ ඉල්ලීම්වලට යුක්තිය ඉල්ලා සිටීම කිසිදු ආකාරයක වරදක් නොවන බවයි.

18 views
Main News