නීතිය බිමටම නමයි.. මන්ත්‍රීන්ගේ බැදුම්කර ඇමතුම් පරීක්ෂා කළ සීඅයිඩී නිලධාරියා ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ..
November 24, 2017 at 9:20 am | lanka C news
බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ රහසිගත දුරකථන සංවාද පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව පොලිස්පති නියමයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
බැඳුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව කියන මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශන නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.
තම රහසිගත දුරකථන සංවාදවලට මෙම නිලධාරියා හොරෙන් සවන්දුන බවට චෝදනා කරමින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නම් සඳහන් වන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පැමිණිලි කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාට එරෙහිව වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ ඒ අනුවය. මෙම විමර්ශනයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කරනු ඇත.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව විමර්ශන කිරීම බැඳුම්කර කොමිසමේ නියෝග මත සිදු කර ඇති බවයි. මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත සහාය වන ලෙස අදාළ දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබුණේද බැඳුම්කර කොමිසමෙන් බව පොලිස් මූලස්ථානය කියා සිටියි.
එසේ තිබියදී මෙම රහසිගත දුරකථන සංවාද පිළිබඳව විමර්ශන කළ නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
– divaina
ඔය වැඩියෙන්ම කෑගහන එවුන් තමා පට්ට හොරු
මොන පක්ෂයේ වුනත්, හොරුන් උන්ට ඕන දුෂණ වංචා ඔක්කොම ඕන ඕන විදියට කරද්දී, මෙතන උන් කරන්නේ ආතල් ගන්න්න කොමෙන්ට්ස් දදා ඉන්න එක. තැන තැන කුණුහරුපෙන් බැන බැන කියවන එක. චන්දයක් ආවම උන්ටම අයෙත් කතිරයක් ගහල උන්වම පත් කරගන්න එක.
දුෂණ කරන උන් ඒවා දිගටම කරගෙන යනවා. මාධ්‍ය ඒවා පලකරනවා. අපේ උන් ඒවා බල බල කුණුහරුපෙන් බැන බැන ආතල් ගන්නවා. රට දවසෙන් දවස අපට නැති වෙනවා. සිහිබුද්ධියෙන් හිතන්න පටන් ගනිල්ලා. රටේ නීතිය, සදාචාරය, පරිසරය ආරක්ෂා කරන්න පුංචි හරි දෙයක් කරපල්ලා.