නීතිය, ව්‍යවස්ථාවට පයින් ගසා පාර්ලිමේන්තුව සිකුරාදා කැදවන්න සූදානම්.. පාර්ලිමේන්තු මහ ලේකම්, ආරක්‍ෂක අංශ වහා දැනුවත් කෙරේ..

October 31, 2018 at 9:20 am | lanka C news
නීතිය, ව්‍යවස්ථාවට පයින් ගසා පාර්ලිමේන්තුව සිකුරාදා කැදවන්න සූදානම්.. පාර්ලිමේන්තු මහ ලේකම්, ආරක්‍ෂක අංශ වහා දැනුවත් කෙරේ..

සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුව කැදවන බවත් ඉන් පසු නව ආණ්ඩුවක් පිහිටුවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ සමාජ ජාලා පිටුද වාර්තා කරන්නේ අද දිනයේ ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් පසු කතානායකවරයා විසින් සිය විශේෂ බලතල භාවිත කර පාර්ලිමේන්තුව කැදවනු ඇති බවයි.

නමුත් රජයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් කල් දමන ලද පාර්ලිමේන්තුව නියමිත පරිදි නොවැම්බර් 16 වැනිදා උත්සවාකාරයෙන් කැදවන බවත් එදිනට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවත්ය.

මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු සියළු නිලධාරීන්ට මෙන්ම ආරක්‍ෂක අංශවලටද නීතිය අනුව කටයුතු කරන ලෙස රජයේ ඉහලම නිලධාරීන් විසින් දන්වා ඇති බවයි.

46 views

30 Comments to “නීතිය, ව්‍යවස්ථාවට පයින් ගසා පාර්ලිමේන්තුව සිකුරාදා කැදවන්න සූදානම්.. පාර්ලිමේන්තු මහ ලේකම්, ආරක්‍ෂක අංශ වහා දැනුවත් කෙරේ..”

  1. ගමයා says:

    මේ වෙලාවෙ රටට අවම හානියක් කරගෙන වැඩේ ගොඩින් බේරගන්නවනම් ජනාධිපති කරන්න ඕනා වහාම ජනමත විචාරනයකට යන එක. එතනින් එහාට ලොක්කෙක් නෑනෙ.. ඊට පස්සෙ, දෙපැත්තම වචන එක්ක එල්ලෙ ගහන එක ඉවරයිනෙ..

  2. kamal says:

    විධායකගෙ කාර්යය හා ව්‍යවස්ථකයාගෙ කාර්යය
    විධායකයා වන ජනාධිපතිට අනුකුල නොවිම තුල දේශපාලන සදාචාරයේ බිද වැටිමක් පෙන්වයි. විසේෂයෙන්ම හිටපු අගමැති තුමා හා කථානායක තුමා ජනපතිගෙ විධායකයට යටත් නොවිමෙන් ඔවුන්ගෙ විදේශිය කොළණි මානසිකත්වය පෙන්වයි. ඇත්තටම දොරටුපාලකයා පවා ලංකාවේ රජ වුනේ සදාචාරය මතයි. මේ සදාචාරය බිද වැටිමෙන් තිරිසන් යුගයක් ඇරඹේ. විධාකයට විරුද්ධ වන්න ඔබට අයිතියක් නැ. එය සංස්කෘතික බිද වැටිමකි. ව්‍යවස්ථාවෙන් කරන්නෙ නිති සැදිමක් මිස විධායකය ලබා ගැනිමක් නෙවේ. එය සිදුවන්නෙ විධායකයා විසින් අනුමත කරන ලද කැබිනටි මණ්ඩලය විසිනි. බැරි වෙලාවක් මෛත්‍රි කැබිනට් මණ්ඩලය අනුමත කරන්නෙ නැත්තම් එය වලංගු නැත. මොකද විධායකය සකසන්නෙ රටේම ජන්දයෙන් වන අතර අගමැති පත්වන්නෙ දිස්ත්‍රික්කයක ඡන්දයෙන් පමණි. බැරි වෙලාවක් දෝසාභි යෝගයකින් මහින්ද පැරදුනත් ඊලගට අගමැති කවුරු හරි පත්කිරිමේ බලය තියෙන්නෙ මයිත්‍රිගෙ අතේය.මෙයට මානසික රොගයක් වන හිනමානය හැදි එයින් ගැලවුණු කමල්

  3. david milibanda says:

    Kaw da bola may ganag kaaraya? Ara heen baba siiya da? Ane moo akaale husma helannai yanne.

Main News