නීතිය වෙනස් නොකර පලාත් සභා මැතිවරණය තියන්න බෑ…- දිනේෂ්

March 14, 2021 at 3:50 pm | lanka C news
නීතිය වෙනස් නොකර පලාත් සභා මැතිවරණය තියන්න බෑ…- දිනේෂ්

කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබුණද පවතින නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීම සිදු නොකළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද දැනුම් දී ඇති බවත් ඔහු පැවසීය.

ඒ අනුව නීතිය සකස්කර ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු මැතිවරණය තැබීමට හැකියාව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්නවා ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

පළාත් සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

12,363 views

11 Comments to “නීතිය වෙනස් නොකර පලාත් සභා මැතිවරණය තියන්න බෑ…- දිනේෂ්”

  1. රන්වල says:

    අවුරුදු ගානක් පොලිටික්ස් කරල පනතක් නීතියක් කියවල හදාරල ඉන්න ඔහෙගෙ මොලෙන් එක අරික්කාලක් ඔහෙගෙ ලොක්කට තිබ්බ නම් රටක නීතියක් රෙගුලාසියක් ගැන මෙලෝ අල බෝලයක් නොදැන ඔය වගේ ආතල් දෙන්නෙ නෑ.දුක කියන්නෙ රට කරවන්න පත් කරල යවපු සියේට අසූවකට වැඩිය ඔහොම දෙයක් වත් තේරුම් ගන්න බැරි මැට්ටො නැත්නම් උගත් මෝඩයො

  2. kawinda says:

    ohomama thamai. janapathi karanna kiyala prasiddiye kiyanawa. neethiya behe kiyanawa. kiyanna kalin neethiya hariyata denagena kiwa nam weda tika hari ikman ane.

  3. TNA says:

    Now your government has 2/3 majority . Why minister hesitating ?

    • Sira says:

      යා දෙක නොරත රත සමග පෑසීමෙක් නැත – අලගියවන්න මුකවෙටිතුමා
      “ආණ්ඩුව වැටුනොත් ජනතාව අමාරුවේ.. පලාත් සභා මැතිවරණය කඩිනමින් තියන්න” ජනපති ගෝටාභය
      “පළාත් සභා මැතිවරණය තියන්න තීරණයක් ගෙන නෑ..” – සරත් වීරසේකර
      “නීතිය වෙනස් නොකර පලාත් සභා මැතිවරණය තියන්න බෑ – දිනේෂ්

  4. අපි නම් දැනන් සිටියේ විධායක ජනාධිපතිට කොරන්න බැරි ලිංග විපර්‍යාසය විතරයි කියලා. අපි දැනන් සිටියේ 2/3 පාර්ලිමේන්තුවෙටත් කොරාන්න බැරි දෙයක් නැහැ කියලා. ඒ මදිවට අපි දැනන් සිටියේ ඔය දෙකමත් අධිකරණයත් එකම පවුලකින් එන orders වලින් තීරන වන්නේ තමන්ට අවශ්‍යනම් විතරයි කියලා.

  5. Piyarathne Gamage says:

    සිංහයෝ බයවෙලා…තනියම එන්න බෑ බෑ වගේද…

  6. සරත් says:

    මුළු රටටම හෙනයක් වෙලා තියන පල්ස්ත් සභා, ප්‍රාදේශීය සභා, පලාබබ්බු අවශ්‍යම නැති දෙයක්. අපි වගේ කුඩා රටකට අනවශ්‍ය අතිවිශාල වියදමක්. දැන් තියන විදිය හොදටම ඇති. ඉන්දියාවෙන් ලබා දීපු යු ඇන් පි යෙන් අපිට දීපු රට දෙකඩ කරන්න මුල. මනාප ක්‍රමෙත් අයින් කරලා මන්ත්‍රී අසන කරමෙකට ගියානම් 3% කලකන්නිත් යන එන මන් නැතුව මෙලහකට. පිනට දෙන ලැයිස්තු මන්ත්‍රී කරමයත් අවසාන කල යුතුයි.

  7. අද්දැකිම් සමග සටනට පිවිසෙන්න..! says:

    දිනේෂ් අපි ඹබ සමගයි..!ඉන්දියානු බලපැම් මත පැවත්විමට උත්සාහකරන පලාත්සභා ඡන්දයට කිසිවිටක් ඉඩ නොතබන.. !ඹබගේ ශෘඡු තින්දුසමගින් නියම සිංහයකු සේ රට ඡාතියට ඹබගේ හදවතේ ලැදියාව පැහැදිලිව පෙන්නුම් කිරිමට ඇති අවස්ථාවකි. අද්දැකිම් සමග සටනට පිවිසෙන්න..!

  8. Aurora says:

    දිනේශ් ගුණවර්ධන කියන්නේ අති විශිෂ්ඨ දේශප්‍රේමී දේශපාලකයෙක්. මේ රටේ මිනිස්සුන්ගේ කරුමය නිසාම එතුමාගේ නායකත්වය රටට ලබාගන්න බැරිවෙලා තියනවා. මිණිකැට යට යනකොට ගොමරිටි උඩ එනවා කියන්නේ ඕක තමයි.

    • ටිකිටි says:

      අනේ පලයන් බං යන්න.මුගේ මහඑකා අන්තිමට නැවතුනේ යූඇන්පී එකේ.කුක්කා මැදමුලන පිලිකන්නේ බුරනවා.පිස්සු පයිත්‍යම් බහුබූතයක් මූ.

  9. kalana says:

    පළාත් සභා මොන බම්බුවකටද? ඔය සල්ලි වියදම් කරනවා මිනිස්සුන්ගේ සුභ සිද්දිය වෙනුවෙන්. මොන රටේද මෙහෙම චන්ද තියන්නේ?

Main News