නීතිය හා සාමය මද්දුම බණ්ඩාර දීම පිලිකුලෙන් හෙලා දකිනවා.. මට දුන්නා නම් සියළු කලබල නැති කරනවා..- ෆොන්සේකා

March 8, 2018 at 2:10 pm | lanka C news
නීතිය හා සාමය මද්දුම බණ්ඩාර දීම පිලිකුලෙන් හෙලා දකිනවා.. මට දුන්නා නම් සියළු කලබල නැති කරනවා..- ෆොන්සේකා

නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි වීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප‍්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද(08) උදෑසන හුණුපිටිය ප්‍රදේශයේ ඇති ආගමික ස්ථානයන්ගේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළ කර සිටියේ නව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩ බාර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්ය.

රංජිත් මද්ධුමබණ්ඩාර මහතා තමාගේ හොඳම යහළුවෙක් බවත් ඔහුටවත් නිසි දැනුම් දීමක් නොකර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස පවසා අනතුරුව මෙම අමාත්‍යධූරය ලබා දී ඇති බවත් රටේ ආරක්ෂාවට කැමති සියලු දෙනා මෙම තීරණය නොපිළි ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

නව පත්වීම සම්බන්ධයෙන් වගකිය යුතු පුද්ගලයන්ගේ තීරණය තමා කිසි විටෙකත් පිළිනොගන්නා බවත් රට ද එය පිළිනොගන්නා බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය නිසි තැන නිසි නායකත්වයක් නොමැති කමින් ඇති වු බවත් තමා සිටියේ නම් කිසි දා එවැනි සිදුවීමක් ඇති නොවන බවත් රට තුළ සාමය ඇති කර තමාට පළපුරුද්දක් ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

සුළු සිදුවීම් හේතුවෙන් හිත් රිදවීම් ඇති වුවද ආණ්ඩුවක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යෑමට සුදානම් බව ත් අවශ්‍ය වු විට නිවැරදි තීරණයන් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

– adaderana

163 views

70 Comments to “නීතිය හා සාමය මද්දුම බණ්ඩාර දීම පිලිකුලෙන් හෙලා දකිනවා.. මට දුන්නා නම් සියළු කලබල නැති කරනවා..- ෆොන්සේකා”

  1. James says:

    Muta pissu thadawela.

  2. sena says:

    2015 දී බලයට පැම්ණි මෙම ආණ්ඩුව මෙතෙක් කර ඇත්තේ මහා බැංකුව කොල්ල කෑම , කොමිසන් දැමීම ,ඇඳිරි නීතිය දැමීම , හදිසි නීතිය ,බදු ගැහීම ,remand කිරීම, FICD කැඳවීම මහින්ද පටන් ගත් project විවුර්ත කිරීම , බොරු කියා ජනතාව රැවටීම පමණය .jathiwadaya awuluwa 2020n pasuwath balaye inna balawi , ponseka thiyan inne 2020dee prayojanayata ganna danma nowe

  3. සනත් ඉතාලිය says:

    මෙතුමා හරියට කතාකරනේ 2015 අගෝස්තු මැතිවරණෙ වෙලේ වේදිකාවල කිව්වා වගේ හරියට නිතිය හෑ සාමය මෙතුමාට දෙනවා කියල මොනවද මේ කතා පිළිකුලෙන් හෙළාදකිනවා කියන්නේ .තමන්ට උරුම දේ වෙන කෙනෙකුට දුන්න වගේනේ අඩු ගානේ චන්දෙන් ආවනම් කමක් නැහැ අගමැති තුමත් ජනාධිපති තුමත් තේරුම අරගෙන තියනවා විහිළුවටවත් එතුමන්ලා යසලාලක තිස්සල වෙන්න අකමතිවග

  4. රාහුල මල්ලී says:

    ඡනාධිපතිවරයා කල පත්වීමක් පිලිකුලෙන් හෙලා දකිනවා කියලා ඡේ.ආර් ගේ හරි ප්‍රේමදාසගේ හරි මහින්දගේ හරි කැබිනට් එකේ ඇමතිවරයෙක් කිව්ව නං එයාගේ ඔය තියෙන ඇමති පට්ටමත් එවලේම අයින් කරලා නිකම්ම නිකං මන්ත්‍රී කෙනෙක් කරනවා..මෛත්‍රී ඡනාධිපති නම්‍යශීලී වැඩියි…

    • ගන්ජ බන්ඩා says:

      නම්‍යශිලී නෙමෙය් අැත්ත කතාව විධායක බලය තියන හිටං ට කොන්ද පන නැහැ කියන එකය්

  5. kasun says:

    me kalaweddata dunnanam ratama iwarai. Me kalawedda danne pali ganna witarai.. Me wage un deshapaalanenma ayin kara yuthui

  6. saman says:

    kalawedda kiyapiya thoge thathata. pahara ballo.

Main News