නීතිවිරෝධීව ඉන්දියාවට පනින්න ගිය 08 ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට…

November 16, 2019 at 2:04 am | lanka C news
නීතිවිරෝධීව ඉන්දියාවට පනින්න ගිය 08 ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට…

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට යාමට  උත්සාහ කළ මන්නාරමේ පුද්ගලයින් අටදෙනෙකු තලෙයිමන්නාරම, වැලිපර 07 ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට ගෙන තිබේ.

උතුරුමැද නාවික විධානය විසින් සිදු කරන ලද මුර සංචාරයකදී වැලිපර 07 ප්‍රදේශයේදී අනවසරයෙන් ශ්‍රීලංකා‍වේ සිට මුහුදු මඟින් ඉන්දියාවට සංක්‍රමණය විමට උත්සහ කල දෙමළ ජාතික පුද්ගලයින් අටදෙනෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගනු ලැබීය.

නාවික හමුදා භාරයට ගනු ලැබූ මන්නාරමේ පදිංචි මෙම පිරිස අතර, වැඩිහිටි පිරිමි පස්දෙනෙකු සහ එක් කාන්තාවක්ද පිරිමි සහ ගැහැණු දරුවන් දෙදෙනෙකුද සිටින බව නාවික හමුදාව පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරීම සඳහා අදාල පිරිස් තලෙයිමන්නාරම් පොලීසියට භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇති අතර නිරන්තර සිදු කරනු ලබන සෝදිසි කිරිම් හේතුවෙන් අනවසර සංක්‍රමණිකයන් සහ මිනිස් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනිමට නාවික හමුදාව සමත් වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

44 views
Main News