නීතිවිරෝධීව මසුන් ඇල්ලු ධීවරයින් 19 ක් අත්අඩංගුවට..

July 19, 2020 at 2:01 am | lanka C news
නීතිවිරෝධීව මසුන් ඇල්ලු ධීවරයින් 19 ක් අත්අඩංගුවට..

මුලතිව් නයාරු මහ ත්‍රීකුණාමලය කුඹුරුපිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ධීවරයින් 19 දෙනෙකු හා ධීවර යාත්‍රා 07ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් විසින් කුඹුරුපිඩ්ඩි සහ නයාරු මුහුදු තීරයේ  සෝදිසි නිරීක්ෂණයක නිරත වූ අවස්ථාවේදී  එලෙස තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ධීවරයින් 19 දෙනා සමගින් තහනම් දැල් හා මසුන් මැරීමට යොදාගත් උපකරණ සමගින් මෙසේ නාවික හමුදා භාරයට ගනු ලැබීය.

නාවික හමුදා භාරයට ගත් ධීවරයින් වයස 25ත් 49 ත් අතර පසුවන කෝකිලායි, පදවි ශ්‍රීපුර, මදුරක්කුලිය සහ පුල්මුඩෙි පදිංචි කරුවන් වන අතර ඔවුන් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යලය වෙතට භාර දීමට නාවික හමුදාව විසවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

141 views
Main News