නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6ක් මන්නාරමේදී අත්අඩංගුවට

December 7, 2019 at 2:06 am | lanka C news
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6ක් මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම සිලාවතුර, කරදක්කුලිය වෙරළ තීරයේ  සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් 977 ක්  ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු අත් අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

නාවික හමුදාවේ සෙබලුන් පිරිසක් විසින් කරදක්කුලිය වෙරළ තීරයේ  සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ලෙස වලංගු බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ එම පුද්ගලයින් වයස අවුරුදු 23 සහ 33 ත් අතර වයස් වල පසුවන කරදක්කුලිය, මන්නාරම සහ කොන්ඩච්චිකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 977 ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන්, ධිවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරික්‍ෂක වෙත භාර දීමට නාවික හමුදාව  කටයුතු කරන ලදී.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31 views
Main News