නීතිවිරෝධී ග්ලයිෆොසෙට් තොගයක් අත්අඩංගුවට…
December 9, 2018 at 5:30 pm | lanka C news
නීතිවිරෝධි අයුරින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් දකුණට බෙදා හැරීමට රැගෙන ගිය ග්ලයිෆොසේට් කිලෝ ග්රෑම් 582 ක ප්රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (08) සෙට්ටිකුලම ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලීසිය පැවසීය.
පොලීසිය පැවසූවේ පොලීසිය සෙට්ටිකුලම් ප්රධාන මාර්ගයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අදාළ ග්ලයිෆොසේට් තොගය වෑන් රථයකින් ප්රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනෙන ලද අදාළ ග්ලයිෆොසේට් තොගය මන්නාරම සිට කොළඹ දක්වා ප්රවාහනය කරමින් සිටියදී සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සැකකරුවන් සතුව අදාළ ග්ලයිෆොසේට් වෑන් රථයේ පොහොර උර වෙතට කුඩා පැකට් වශයෙන් අඩංගු කොට තිබූ අතර එහි බර කිලෝ 582 ක් පමණ වන බවට සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දකුණේ සිංහලයන්ව නැති කරන්න ගෙනාපු මගඩියක්
මාරාන්තික පිළිකා රෝගයට ගොදුරු වූ පසු ග්ලයිෆොසේට් ලෝකය පුරා නිපදවන මොන්සෙන්ටෝ කෘෂිරසායන සමාගමට එරෙහිව නඩුවක් පැවැරුවේය. දීර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්රකාශයට පත්වන්නේ ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 289ක (රුපියල් කෝටි 4600 ක්) වන්දියක් ගෙවන ලෙස සමාගමට නියෝග කරමිනි.
ලංකාවේ මේ වන විට ග්ලයිෆොසේට් හේතුකොටගෙන පුද්ගලයන් 25000 ක් පමණ මියගිහින්.