නීතිවිරෝධී චොකලට් අලෙවි කළ වෙළඳ ආයතන සහ ආනයනික සමාගම් වලට නඩු
April 14, 2022 at 2:02 am | lanka C newsපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2007.07.11 වන දින නිකුත් කරන ලද 1505/15 අංක දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක්, යන භාණ්ඩ ආනයනයේදී ඒවා දිවයිනට ඇතුලු වන ස්ථානයේ දීම එම භාණ්ඩ මත උපරිම සිල්ලර මිල (Maximum Retail Price) සහ ආනයනකරු ගේ තොරතුරු පැහැදිලිව සඳහන් කර තිබිය යුතුය.
මෙම නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ උක්ත නිෂ්පාදන ආනයනයේ දී රජය විසින් නියමිත බදු මුදල්ද අයකර ගනු ලබයි.
නමුත් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන විශේෂයෙන්ම චොක්ලට් වැනි නිෂ්පාදන පිටකොටුව වෙළඳ පොළේ දැකිය හැකි අතර ඒවා මෙරට වෙළඳපොළට ඇතුළුවී ඇත්තේ නියමිත බදු මුදල් ගෙවීමකින් තොරව බව අනාවරණය වී ඇත.
මේ පිළිබඳව ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය වැටලීම් ඒකකය 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරිය පනතට යටත්ව, අප්‍රේල් මස 11 වන දින කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වෙළඳ ආයතන සහ ආනයනික සමාගම් කීපයකට නීත්‍යානුකූලව කටයුතු සිදුකොට ඇති අතර ඉදිරියේ දී මේ සම්බන්ධව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරීමට නියමිතව ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව පාරිභෝගික අධිකාරි කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් වාර්තා වේ.
– විපුල ඒකනායක
නුගේගොඩ සරසවි පොත්සල ත හැරෙන තැන දකුණු පැත්තේ මේවගේ චොකොලට් ටොෆි කඩයක් තිබෙනවා තව එකක් නුගේගොඩ සූපර්මාර්කට් එක ඉදිරිපිට තිබෙනවා.මේවායේ විකුනන්නේ චීනයෙන් ආනයනය කරන ආහාර වර්ග. බදු ගැසීම ට වඩා වැදගත් වන්නේ මේවා මිනිස් පාරිභෝජනය ට සුදුසුද යන්න.චීනයේ පාවා මේ ආහාර තත්ත්ව පාලන සහතික ලබා නැති හොරට කිසිම ප්‍රමිතියක් නැතිව නිශපාදනය කරන ඒවා.මේවායේ ශරීරයට අහිතකර රසායන තිබෙනවා මේවා අවුරුදු ගණන් කල් තබාගන්න බෙහෙත් දාලා කිසිම විදියකින් නරක් වෙන්නේ නෑ.මේවාට expire දින ගහලා නෑ බොරු ඒව උඩින් ලංකාවේ ගහනවා.වහාම මේ වෙළඳ සැල් සිල් තබන්න .ළමයින් මේවා නිසා ලෙඩ වෙනවා
Boru show
May be Just to collect the bribe.This authority seems a party to crime. How many cases they have won? Waste of public money.what protection to consumers If Guardians are rogues ?
ඔය කියන විදිහට වෙලා නැත්තේ රේගුවේ මජර හොර වැඩ නිසානේ. එලියෙදි අල්ලාගෙන දඩ ගැසීම අසාර්ථක අසාධාරණ වැඩ. රේගුව නිවැරදි කරන්න ගෝඨා පැන්ෂන්කාර හමුදාකාරයෙක් දැම්ම නේද. එයත් හාම්පුතා වගේම අඥඥාකොරොස් වගේද….
මේව කස්ටම් එකට ජරාව දීල බදු නොගෙවා ගෙන්වන හොර බඩු. ලංකා රේගුව හොර ගුහාවක්. රටට ඇතුලුවන දේ ගැන වගකියන්නෙ කස්ටම් එක. ඒත් ජරාව දුන්නම ඕනෙ හොර බඩුවක් ගේන්න පුලුවන්
ලංකා රේගුව හොරා ගුහාවක් තමා සියලුම බදු ගහන්නේ හාම්පුතා පාවිච්චි කරපු පරණ ටීවී එකක් ,මහණ මැෂිම ක්, ෆ්‍රිජ් එකක් ගෙනෙන අහිංසක ගෘහ සේවිකාවගේන් .ඔය අතර එන් මුදලාලිලා එක්ක කිරි පැණි වගේ කතා කරලා අර ඔවුන් විකුණන්න ගෙන යාමක් විනෝදෙට වගේ අරගෙන ඉතුරු ඒවා ගාන අඩුකරලා දාලා යවනවා .ගෘහ සේවිකාව ට බ
ද්ද නිසා අර ටීවී එක ෆ්‍රිජ් ඒක නිදහස් කරගන්න එක පාඩූ නිසා දාල යනවා ඒ ගිහාම මේ තුච්ච මිනිස්සු ඒවා ඔක්ෂන් දාල උන්ගේ හෙංචයියන් ට කේචර් ලාට ලාභෙ.මේට හොරා පාරේ දෙනවා මේ මගේ පුද්ගලික අත්දැකීමක්