නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 2384 ක් තලෙමන්නාරමේදී අත්අඩංගුවට…

August 26, 2019 at 2:07 am | lanka C news
නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 2384 ක් තලෙමන්නාරමේදී  අත්අඩංගුවට…

නාවික හමුදාව විසින් 24 දින තලෙයිමන්නාරමේ ස්ථාන තුනකදී සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 2384ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ සෝදිසියකදී බීඩී කොළ කිලෝග්‍රෑම් 120 ක් සොයාගෙන ඇත්තේ අදාල බීඩිකොල රැගෙන එන ලද ඩිංගි යාත්‍රාව අනතුරට පත්වීමෙන් නාවික හමුදාව එය පරික්ෂා කිරීමේදී එක් සැකකරුවෙකු පලා ගොස් ඇති අතර අනෙක් සැකකරු සමග බීඩිකොළ තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් තලෙයිමන්නාරම වංකාලෙයි සහ ඕල්ඩ් පියර් මුහුදු වෙරලේ සඟවා තිබූ නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 2264ක් සොයාගෙන ඇති අතර එම බීඩි කොළ තොගය රැගෙන ආ පුද්ගලයින් අනාවරනය වී නොමැත.

අත්අඩංගුවට ගත් බීඩිකොළ තොගය ඇතුලු සැකකරුවන් යාපනය රේගු  කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

503 Viewers
Main News