නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 461ක් මන්නාරමේදී අත්අඩංගුවට…

August 13, 2019 at 2:04 am | lanka C news
නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 461ක් මන්නාරමේදී අත්අඩංගුවට…

නාවික හමුදාව විසින් මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 461.7 ක් සොයා ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 09 ක තිබූ මෙම බීඩි කොළ කිලෝග්‍රෑම් 461.7 ක් සොයා ගැනීමට සමත් වී තිබේ.

මෙම බීඩි කොළ තොගය වෙරළට ගොඩගසා තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර සැකකරුවන් අදාල බීඩි කොළ තොගය දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටි.

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 28000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

622 Viewers
Main News