නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 1359ක් අත්අඩංගුවේ..

July 28, 2019 at 4:40 pm | lanka C news
නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 1359ක් අත්අඩංගුවේ..

යාපනය, මණ්ඩතිව් මන්සන්දියේදී දුම්කොළ රැගෙන යන මුවාවෙන් නීති වි‍රෝධි ලෙස බිඩී කොළ ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයයට අයත් සෙබලුන් පිරිසක් විසින් යාපනය, මණ්ඩතිව් මන්සන්දියේ යොදා ඇති මාර්ග බාධකය අසලදී සැක කටයුතු ලොරි රථයක් පරික්‍ෂා කර ඇති අතර එහිදී සැකකරුවන් විසින් දුම්කොළ රැගෙන යන බව නාවික සෙබලුන්ට පැවසුවද එය වැඩි දුර පරික්ෂා කිරීමේදී දුම්කොළ පාර්සල් අතර පාර්සල් 44 ක අසුරා තිබු නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 1359 ක් සහ පාර්සල් 31 ක අසුරා තිබු දුම්කොළ කිලෝග්‍රෑම් 1034 ක් සමඟ මෙම පුද්ග‍ලයින් තිදෙනා නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම බිඩී කොළ සහ දුම්කොළ තොගය කයිට්ස් සිට යාපනය දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 37 සහ 47 වන වියෙහි පසුවන ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, බිඩී කොළ සහ දුම්කොළ තොගය සහ ලොරි රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දිමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,988 Viewers
Main News