නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසක් අත්අඩංගුවට…
July 12, 2020 at 2:03 am | lanka C news
මන්නාරම් මුද්දලම්පිඩ්ඩි මුහුදුතීරයේදී නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුද්දලම්පිඩ්ඩි මුහුදු තීරයට ඔබ්බෙන් වූ ප්රදේශයේදී සෝදිසි නිරීක්ෂණයක් නිරත වන අවස්ථාවේදී අදාල ධීවරයින් පිරිස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇත.
එහිදී ධීවරයින් විසින් අල්ලන ලද නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් 22 ක්, ඩිංගි යාත්රාවක්, කිමිදුම් උපකරණ කිහිපයක් හා ධීවර ආම්පන් තොගයක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් ධීවරයින් වයස අවුරුදු 26 ත් 60 ත් අතර පසුවන මන්නාරම් දිස්ත්රීක්කයේ පදිංචි කරුවන වන අතර ඔවුන් හා මුහුදු කූඩැල්ලන් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ