නීතිවිරෝධී යයි අධිකරණ තීන්දුව එන්න කලින් ලොතරයි මණ්ඩල දෙක යලි මුදල් අමාත්‍යාංශය යටතට..
August 12, 2017 at 6:32 am | lanka C news
පසුගිය ඇමති මණ්ඩල සංශෝදනයේදී මුදල් අමාත්‍යාංශයන් බැහැරව ජාතික ලොතරයි මණ්ඩල සහ සංවර්ධන ලොතරයි විදේශ කටයුතු අමාත්‍යාංශයට ජනාධිපතිවරයා විසින් ගැසට් කොට පවරන ලදි. ඒ හිටපු විදේශ අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුවයි.
මෙය මුදල් පනත උල්ලංඝනය කිරීමක් යයි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම විභාග කිරීමට ප්‍රථම එය නිවැරැදි කිරීමට යන බව මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
රවි කරුණානායක අමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමගම නව විදේශ කටයුතු අමාත්‍යවරයෙකු පත් කිරීමට නියමිතව ඇති බැවින් එහිදි නැවතත් ජාතික ලොතරයි මණ්ඩල සහ සංවර්ධන ලොතරයි ආයතනයකන් මුදල් අමාත්‍යාංශය යටතේ ගැසට් කිරීමට නියමිත බැවිනි.