නීතිවිරෝධී හක්බෙල්ලන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

October 4, 2019 at 2:01 am | lanka C news
නීතිවිරෝධී හක්බෙල්ලන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සහ හක් බෙල්ලන් 226 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ  ප්‍රදේශයේ දි සිදුකල සෝදිසි කිරීමකදි සැකකටයුතු කැබ් රථයක් නිරික්ෂණය කර ඇති අතර, එය පරික්‍ෂා කරීමේදි එහි ප්‍රවාහනය කරමින් තිබු හක් බෙල්ලන් ප්‍රමාණය සමඟ පුද්ග‍ලයෙකු නාවික හමුදා බාරයට ගනු ලැබීය.

එම හක් බෙල්ලන් තොගය ඌරුමලේ සිට පේසාලේ දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයා වයස අවුරුදු 51 ක් වන මන්නරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

සැකකරුත් සමග හක්බෙල්ලන් ප්‍රමාණය සහ කැබ් රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දිමට නාවික හමුදාව කටයුතු කරන ලදි

ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලි මීටර් 70 ට වඩා අඩු විශ්කම්භයකින් යුතු හක්බෙල්ලන් සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

642 Viewers

One Comment to “නීතිවිරෝධී හක්බෙල්ලන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..”

  1. Nim says:

    ” MEKA SAJITH GE WADAK DA
    BALANNA ?….👹👹👹👹👹 “

Main News