නීති අංශ කළඹමින් සිංහරාසා නඩු නීත්දුව අහෝසි කරන්න යයි..

October 31, 2016 at 6:47 pm | lanka C news
නීති අංශ කළඹමින් සිංහරාසා නඩු නීත්දුව අහෝසි කරන්න යයි..

ත‍්‍රස්තවාදී කටයුතු සදහා අනුබල දීමේ චෝදනාවට වරදකරු වී අධිකරණයෙන් දඩුවම් ලබා මේ වන විට සිර දඩුවම් විදිමින් සිටින සිංහරාසා පියතුමා සම්බන්ධ නඩු තීන්දුව අහෝසි කිරීම සදහා කටයුතු සිදුවෙමින් ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් දේශය පුවත්පත වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටි අවස්ථාවේ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුවේ ඒ සම්බන්දයෙන්  විවාදයක් පැවැත්විය යුතු බවය.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ද පසුගියදා කියා සිටියේ එකී නඩු තීන්දුව සංශෝධනය කරන්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

සිංහරාසා පියතුමා විසින්ද එම අධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ තමනට සාධාරණ නඩු විභාගයක් ලැබී නැති බවයි.

ඊට ප‍්‍රතිචාර ලෙෂ ශ්‍රේෂ්ඨාධිකරණය මානව හිමිකම් කොමිසමට දන්වා යවනු ලැබ ඇත්තේ සිංහරාසා පියතුමාට දඩුවම් නියම කර ඇත්තේ ලංකාවේ ඉහළම අධිකරණයෙන් වන නිසා ව්‍යවස්ථාව අනුව ඔහු නිදහස් කිරීමේ හැකියාවක් අධිකරණයට නැති බවත් එවැනි පුද්ගලයෙකුට සමාව දිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවත්ය.

6 views

3 Comments to “නීති අංශ කළඹමින් සිංහරාසා නඩු නීත්දුව අහෝසි කරන්න යයි..”

  1. Alapaluwa says:

    බොහෝම සිහිකල්පනාවෙන් වැඩකරයුතු කාලයක් මේක මොකද යන එකා කොරහා බිඳගෙන යනවා කියලා කියමනක් තිබෙනවානේ.අනේක මුන් දන්නවා මේ යාපලනයේ ජඩයෝ සියලුදෙනාගේම අවසාන ජවනිකාව බව ඉතින් කරන්න පුළුවන් අන්තිම ජරාදේත් රටට කරලා ගසාකන්න පුළුවන් හැමතැනින්ම කලාරට අන්තිම විනාසයට ඇදදමලා,නැවතත් ත්‍රිවිද හමුදාවම අඩපණ කොට කොටින්ට පහසුවෙන් මරන්කන්න අවස්ථාවක් හදලා රට අවුල්කරලා යන්න පුළුවන්.මේක තමයි රනියගේ තිහරිය. එමනිසා අපි බොහෝම විමසීමෙන් සිටිය යුතුයි.

  2. sam says:

    what the hell is the Bar Association doing trying to petition this Judgement to be amended. This is will open up door for interference by foreign forces.

    • Alapaluwa says:

      It’s impossible Sam,as you know most’of the judge’s been bought by the politician.They can’t delivered judgments as they wont unless if he or she doesn’t need anymore to stay in their position.

Main News