නීති කඩා මිල වැඩිකල ප‍්‍රධාන යතුරු පැදි සමාගමකට නඩු.. දඩ ගෙවන්න නියෝග..

August 5, 2021 at 6:22 am | lanka C news
නීති කඩා මිල වැඩිකල ප‍්‍රධාන යතුරු පැදි සමාගමකට නඩු.. දඩ ගෙවන්න නියෝග..

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව භාණ්ඩයක එක් අවස්ථාවක මිල ලකුණු කිරීමෙන් පසු එම මිල යළි වෙනස් කළ නොහැක. එනම් මිල වැඩි වුවද සටහන් කර ඇති මිලටම පැරණි භාණ්ඩ තොග පාරිභෝගිකයාට අලෙවි කළ යුතුය.

මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ යතුරු පැදි අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගමක් යතුරු පැදි අමතර කොටස්වල, මීට පෙර සටහන් කර ඇති මිල වෙනස් කර අධික ලාභ ඉපයීම සඳහා පැරණි තොග වලද ඉහළ මිල ගණන් යොදා අලෙවි කර ඇත.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ පුත්තලම පාරිභෝගික අධිකාරිය වැටලීමක් සිදු කොට පුත්තලම, සමාගමට එරෙහිව අගෝස්තු මස 03 වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර එහිදී සමාගමට දඩ මුදලක් නියම වී ඇත.

මෙම මිල වෙනස් කිරීම් පිළිබඳව අලවි නියෝජිතයන් කිහිප දෙනෙකුටද පුත්තලම සහ ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට නියමිතව ද ඇත.

මෙලෙස පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරනු ලබන සටහන් මිල වෙනස් කිරීම් සම්බන්ධව දිස්ත්‍රික්කය පුරා තවදුරටත් වැටලීම් ක්‍රියාත්මක කරන බව පුත්තලම පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

– කැලුම් රත්නායක

36,913 views

4 Comments to “නීති කඩා මිල වැඩිකල ප‍්‍රධාන යතුරු පැදි සමාගමකට නඩු.. දඩ ගෙවන්න නියෝග..”

  1. Mahathun says:

    If they do not increase the price how do they import parts again at higher exchange rate. People have sent useless fellows to parliament and people have to pay for their mistakes.
    And this country is run by capitalism. If government interfered with their power, private sector will step back. Who is going to fill the vacuum? Looks like a rajaxxxx’,so friend is going to fill that.

  2. කේලමා says:

    ඔය විතරක් නෙමේ , හාල් කිලෝ පහේ මිටියෙ ත් මිල ගහල තියෙද්දි ඊට ගොඩක් වැඩි මිලට විකුනනවා . හෙව්වොත් හොඳයි .

  3. ආබාධිත ජන පවුර says:

    මහතුං, වෙනස් අදහසක් පල කලාට අපගේ ප්‍රණාමය. ඇත්තටම වැඩිවන විනිමය අනුපාතයට සාපේක්ෂව ආනයනය හා බැඳුනු කර්මාන්තවලට මොකක් හරි සහනයක් දෙන්න ඕන. මේ රටේ පිනට රස්සා දීමයි, සමුර්ධි කියා කියා පිනට කන්න දීමයි, එක්ක ගොඩ යනවා බොරු. ඇත්තටම ලංකාවේ වෙන්නේ ලක්ෂ විසි පහක් තිහක් දුක් මහන්ස්සියෙන් හම්බ කරන දේ දෙකෝටි විසි ලක්ෂයක් කන එක. මේවට අර පොලිටික්කොයි උන්ගේ හෙන්චය්යලයි ජොලි කරන්න නාස්ති කරන සල්ලිත් ඇතුලත් වෙන්න ඕන. අයෙත් එකක් කියනවා. අපි ආබාධිත වෙලත් මේ රට හදන්න තියන උවමනාව ආදර්ශයට ගනිල්ලා. අපි එකතුවෙලා මේ රට ගොඩ ගමු.

  4. Disce ammata discede says:

    මොන කුණුහරප යක්ද?
    රු 2500 ක්‌ මිල ගහල මාස 5ක්‌ 6ක්‌ විකිනෙන්නේ නැතුව ඉතුරු වෙන බඩු වලට පැරණි මිලට විකුනන්න ගියාම ඒ කාලය තුළ එකතු වෙන බැංකු පොලිය ගෙවන්නේ කවුද?

Main News