නීති කඩා යලිත් පාර්ලිමේන්තුවට සංශෝධනයක්.. විසිරවු පළාත් සභාවල බලය නැවත හිටපු මහ ඇමති හා ඇමති මණ්ඩලයට…
September 28, 2017 at 11:20 am | lanka C news
නිල කාලය අවසන් වීමෙන් පසු විසුරුවා හැරෙන පළාත් සභාවන්හි බලය හිටපු පළාත් මහ ඇමතිවරුන් හා ඇමති මණ්ඩලයට නැවත වතාවක් පැවරීම සදහා ආන්ඩුව උත්සාහ දරමින් සිටින බවට ඒකාබද්ද විපක්ෂය චෝදනා කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ පළාත් සභා ඡන්ද විමසීම් ඡන්ද විමසීම් පනත නැවත වතාවක් සංශෝධණය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කර ඇත බවයි.
මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට වන්නේ යයිද මන්ත්‍රීවරයා සදහන් කරයි.