නීති කඩා වයස 75 අයෙක් සිපෙට්කෝ සභාපති කරලා..
November 30, 2016 at 7:06 am | lanka C news
වයස අවුරුදු 60 ඉක්වමූ පසු රජයේ සංස්ථාවක සභාපති ධුර දැරීම නීති විරෝධී වුවත් මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇති ටී.ජී. ජයසිංහ මහතාගේ වයස අවුරුදු 75කි.
ඉහල දේශපාලන අනුහසින් මෙම තනතුරේ රැදී සිටින ඔහු සිය 75 වැනි උපන්දිනය පසුගියදා සමරා තිබේ.
රාජ්‍ය ගිනුම්කාරක සභාව මෙන්ම පොදු ව්‍යාපාර කාරක සභාව විසින් ජයසිංහ මහතා ආදල ධුරයේ රැුදී සිටීමට නොහැකි යයි නිර්දේශ කර තිබියදීද ඔහු මෙම තනතුරේ කටයුතු කරමින් සිටින්නේ යයි වාර්තා වෙයි.